නව පනත් කෙටුම්පත් රැසක් 2025 අයවැයෙන් – මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් එකත් නැතිවෙයි (වීඩියෝ)

මෙවර අයවැයේ ආර්ථික අපේක්ෂා අතර දරිද්‍රතාව අඛණ්ඩ ව අඩු කිරීමක් මෙම වසරේ දී රජය අපේක්ෂා කර තිබෙනවා.

ඒ වෙනුවෙන් උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය ලබා ගැනීම වර්ධනය කිරීමට නව සැලැස්මක් ක්‍රියාත්මක කරමිනි සරල විනිවිද ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් සැකසීමත් ඉන් අපනයන වෙළෙඳපොළ පුළුල් කර ගැනීම ද රජයේ අපේක්ෂා වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

උපාය මාර්ගික නිදහස් ගිවිසුම් මාර්ගය පුළුල් කිරීම සහ විදෙස්ගත ශ්‍රමිකයින් යොදා ගනිමින් ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාව වැඩිදියුණු කිරීමට රජය අරමුණු කරගෙන තිබෙනවා.

ඊට ජාතික තනි වෙළෙඳ රාමුවක් ක්‍රියාත්මක කිරීමටයි අයවැයෙන් යෝජනා වී ඇත්තේ.

එමෙන්ම පවතින රේගු පනත සංශෝධනය කර නව රේගු පනතක් හඳුන්වාදීමට 2025 අයවැයෙන් යෝජනා වී තිබෙනවා.

ද්විත්ව බදු ගිවිසුම් 44න් ඉහළ ආයෝජන විභවයක් සහිත රටවලට මෙරට ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

පරිසර හිතකාමී කාර්මික උද්‍යාන පිහිටුවීමටත්, නැගී එන ආයෝජක පනතක් සංශෝධනය කිරීමටත් නව රජයේ අයවැය අපේක්ෂා වනවා.

ප්‍රයෝජනයකින් තොරව අතහැර දමා ඇති රජයේ ඉඩම් ඵලදායී මෙහෙයුමක් සඳහා අයෝජන අවස්ථාව ඉහළ නංවා ගැනීමට බදු දීමට ද තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමට නිශ්චිත කාල රාමු සකසා ඒකාබද්ධ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බව ද අයවැයෙන් ජනාධිපතිවරයා පැවසුවා.

දේශීය සමාගම් හට විදෙස් රටවල ආයෝජනය කිරීමට පවතින බාධා හඳුනාගෙන ඊට අවශ්‍ය සහන සැලසීමට ද රාජ්‍ය හවුල්කාරීත්වයට නව පනතක් හඳුන්වාදීමට ද රජය කටයුතු කරනු ඇති.

බිම් සවිය වැඩසටහන කඩිනම් කිරීමත් 2025 අයවැයෙහි අපේක්ෂාවක්.

ශ්‍රී ලංකාවේ රජය සෘජු විදෙස් ආයෝජන අපේක්ෂා කරන අතර තාක්ෂණික හා මූල්‍ය සහාය ඊට නොපැකිළව ලබාදීමටත් තීරණය කර තිබෙනවා.

2025 වසර විදෙස් ඉපැයීම් සහ ලාභාංශ මෙරටට ගෙන්වීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමටත්, බංකොලොත්භාවය පිළිබඳ ව පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරීමට නව අයවැයේ අපේක්ෂාවන් අතර වනවා.

ජාතික තත්ත්ව කළමනාකරණය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 750ක් ද වෙන් කර ඇති බවත් වරාය තදබදය විසඳීමට දිගු කාලීන සැලැස්මක් අවශ්‍ය බැවින් ඊට රුපියල් මිලියන 500ක් වෙන් කරමින් වරායේ බහාලුම් කළමනාකරණය කාර්‍යක්ෂම කිරීමට කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථපිත කිරීමටත්, කොළඹ වරායේ සහ කටුනායක ගුවන්තොටුපොළේ ස්කෑන් පද්ධතිය දියුණු කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීම ද නව අයවැයේ අපේක්ෂාවයි.

කටුනායක ගුවන්තොටේ දෙවන පර්යන්තය කඩිනමින් ආරම්භ කිරීමටත්, සංචාරක ක්ෂේත්‍රය සඳහා ඩිජිටල් ටිකට් පත්‍ර ක්‍රමයක් ඇරඹීම ද මෙවර අයවැයේ අපේක්ෂාවන් වනවා.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට රුපියල් මිලියන 500ක් සහ වසරකට තොරතුරු තාක්ෂණික ආදායම ඩොලර් මිලියන 05 දක්වා වැඩි කරගැනීම ද නව රජයේ අපේක්ෂාවන් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මුදල් නෝට්ටු භාවිතය අවම කිරීමට කටයුතු සැලසුම් කිරීමට ද තීරණය කර තිබෙනවා.

ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමය කඩිනමින් හඳුන්වාදෙමින් පුළුල් කිරීමටත්, ඩිජිටල් ආර්ථිකය මගින් උපයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය කරගැනීම ද අපේක්ෂා වනු ඇති.

එමෙන්ම මෙවර අයවැයෙහි තවත් විශේෂත්වයක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට කිසිදු වාහන මිල දී ගැනීමට බලපත්‍රයක් ද, ඒ සඳහා අවශ්‍ය මුදල් ද අයවැයෙන් වෙන් කර නොමැති වීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32