පොලිස් සේවයේ සිටියදී මත්ද්‍රව්‍ය ගත් 17 දෙනෙකු සේවයෙන් ඉවත් කළා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් සේවය තුළ සිටියදී නීතිවිරෝධී මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ යැයි තහවුරු වූ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුගේ සම්පූර්ණයෙන් ම සේවයෙන් ඉවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.

අද (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඉහත කී නිලධාරීන්ගේ සේවය අත්හිටුටීමක් නොව මුළුමනින්ම ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීමට පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදු කර ඇති බවයි.

එම පොලිස් නිලධාරීන් 17 දෙනා ම රාජකාරිවලින් ඉවත් කර, සේවයෙන් පහකර ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් සේවයට අපකීර්තියක් ගෙන දෙන්නවුන් සේ සලකා බවත් සියලු දෙනාගේ වෛද්‍ය වාර්තා තහවුරු කරගැනීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මේ වනවිටත් පොලිස්පතිවරයාගේ උපදෙස් මත තවත් පොලිස් නිලධාරීන් පිරිසක් වෛද්‍ය පරීක්ෂණ වෙත භාජනය කර ඇති බවත් වෛද්‍ය වාර්තා ඔවුන් මත්ද්‍රව්‍යය ගන්නා බවට තහවුරු වුවහොත් සේවයෙන් ඉවත් කිරීමක් සිදු කරන බව ද ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

ඉහත පොලිස් නිලධාරීන් 17 දෙනා ම පසුගිය සිව්මසක කාලයක් තුළ මත්ද්‍රව්‍ය චෝදනා මත ඉවත් කර තිබෙනවා.

එමෙන්ම එවැනි චෝදනා ලැබූ පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනයක් ද සකස් කර ඇති බවයි බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39