විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත පැමිණීමේ දී ගුවන්තොටුපළ තීරුබදු නිදහස් සීමාව ඉහළ දැමීමට තීරණය කෙරේ

ග්‍රාමීය පාලම් සංවර්ධනයට වෙන්කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන 1000ක් ද 2025 නව අයවැයෙන් වෙන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් එම මුදල් වෙන් කළ බවට අයවැය යෝජනා ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා දැනට වෙන්කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන 3000ක් වෙන් කරන බවයි එහිදී ජනාධිපතිවරයා පැවසුවේ.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ පවතින ණය පියවීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය සහ පොළිය ගෙවීමට රුපියල් මිලියන 2,0000ක් වෙ කෙරුණා. (දෛනික මෙහෙයුම් කටයුතු සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබේ.)

සෑම බස් මාර්ගයකම ලංගම සහ පුද්ගලික බස් අතර ඒකාබද්ධ කාල සටහන් ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීම අධ්‍යයනයට රුපියල් මිලියන 250ක් වෙන් කෙරුණා.

දුම්රිය ප්‍රවාහනය නවීකරණය සහ කාර්යක්ෂ්ම කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති අතර
පොදු ප්‍රවාහනයට සුවපහසු බස් රථ සමූහයක් නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දී තිබෙනවා.

ඒ සඳහා පහත පතුලක් සහිත සැප පහසු බස්රථ 100ක් යෙදවීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

‘මතින් තොර සමාජයක්’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 500ක් මෙන් ම වරදකරුවන් වූ සිරකරුවන් සඳහා නිපුණතා සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමටත් නව අයවැයෙන් තීරණය කෙරුණා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉහළ පොළියක් ලබාදීම සඳහා රුපියල් මිලියන 15000ක් ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත පැමිණීමේ දී ගුවන්තොටුපළ තීරුබදු නිදහස් සීමාව ඉහළ දැමීමට ද කටයුතු කර තිබෙනවා.

උත්සව සමයේ වියළි ආහාර සලාකයක් ලබාදීමට රුපියල් මිලියන 1000ක් ද නව අයවැයෙන් වෙන් කෙරුණා.

ආපදා වන්දි මුදල මිලියනයක් දක්වා ඉහළ දැමීමට ද අයවැයෙන් කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30