ICC අගෝස්තු මාසයේ කාන්තා ක්‍රීඩිකාවන්ගේ නිර්දේශ නාම අතරට හර්ෂිතාත් එක්වෙයි

ICC විසින් වසරේ අගෝස්තු මාසයේ කාන්තා ක්‍රීඩිකාව සඳහා සම්මාන ගැන්වීමට අදාළ නාම නිර්දේශ කර තිබෙනවා.

මෙම නිර්දේශ නාම තුන අතරට ශ්‍රී ලංකා මුල් පෙළ ක්‍රීඩිකාවක් වන හර්ෂිතා සමරවික්‍රම ද ඇතුළත්.

හර්ෂිතා සමගින් නම් කර ඇති සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා ම අයර්ලන්තයේ වීම ද විශේෂත්වයක්.

අයර්ලන්තයේ Orla Prendergast හා Gaby Lewis මෙම නිර්දේශ නාමවලට ඇතුළත්.

අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින හා විස්සයි – විස්ස තරගාවලිය පුරාවටම හර්ෂිතා සමරවික්‍රම පිතිකාරිණියක් ලෙසින් විශිෂ්ට දක්ෂතා දැක්වූ අතර; ඇය ඉන්දියාවට ද එරෙහිව ජූලි මාසය අග දී නොදැවී ලකුණු 69ක් රැස් කරගැනීමට සමත් වුණා.

ඩබ්ලින් නුවර දී අයර්ලන්තයට එරෙහිව පැවති තරගාවලියේ දී නොදැවී ලකුණු 86ක් සහ 65ක් ටී20 තරගාවලියේ දී ද ලබාගැනීමටයි සමත් වූයේ.

එමෙන්ම එම තරගාවලියේ දී වැඩිම ලකුණුලාභිනිය ද වූයේ හර්ෂිතා යි.