රාජකාරි අවියෙන් සියදිවි නසාගත් සෙබලා…

රන්ටැඹේ යුද හමුදා පුහුණු පාසලේ රාජකාරි කරමින් සිටි යුද හමුදා සෙබළෙක් අද (15) අලුයම 1.00 ට පමණ සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබේ.මියගිය හමුදා සෙබළා ගම්පොළ ඩස්පියා වත්ත පහළ කොටසේ පදිංචි 21 හැවිරිදි අයෙකි.

සිද්ධිය පිළිබඳව රන්ටැඹේ හුද හමුදා පුහුණු පාසලේ නිලධාරීන් විසින් තෙල්දෙණිය පොලීසියට දැනුම් දීමෙන් පසු පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සිද්ධියට අදාළව හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.