රාජකාරිය කළ ට්‍රැෆික් සාජන්ට් ජීවිතක්ෂයට (වීඩියෝ)

අලුත්ඔය – හතරැස් කොටුව පොලිස් මුරපොළ අසල සිදු වූ රිය අනතුරකින් පොලිස් රථ වාහන අංශයේ රාජකාරියේ නියුතු සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අද (27) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය සැරයන්වරයා කාර් රථයක් සහ ලොරි රථයක් පරීක්ෂා කරමින් සිටියදී පසුපසින් පැමිණි ටිපර් රථයක් ලොරි රථයේ ගැටීම හේතුවෙන් කාර් රථයට සහ ලොරි රථයට හසු වී එම නිලධාරියා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කන්තලේ – භාතියගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 56ක් වයසැති බණ්ඩාර සමරකෝන් නමැති පොලිස් සැරයන්වරයෙක්.

එම නිලධාරියා යුද්ධය කාලයේ දී පොලිස් විශේෂ කාර්‍යය බලකයා යටතේ ද සේවය කර තිබෙන බවත් වාර්තා වනවා.

මෙම අනතුරින් තවත් එක් පොලිස් නිලධාරියෙක් සහ කාර් රථයේ පැමිණි පිරිසක් තුවාල ලබා දඹුල්ල රෝහල වෙත ඇතුළත් කෙරුණා.

අනතුර සිදුකළ ටිපර් රථ රියදුරා මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් හබරණ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?