රාජකාරිය කළ ට්‍රැෆික් සාජන්ට් ජීවිතක්ෂයට (වීඩියෝ)

අලුත්ඔය – හතරැස් කොටුව පොලිස් මුරපොළ අසල සිදු වූ රිය අනතුරකින් පොලිස් රථ වාහන අංශයේ රාජකාරියේ නියුතු සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අද (27) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය සැරයන්වරයා කාර් රථයක් සහ ලොරි රථයක් පරීක්ෂා කරමින් සිටියදී පසුපසින් පැමිණි ටිපර් රථයක් ලොරි රථයේ ගැටීම හේතුවෙන් කාර් රථයට සහ ලොරි රථයට හසු වී එම නිලධාරියා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කන්තලේ – භාතියගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 56ක් වයසැති බණ්ඩාර සමරකෝන් නමැති පොලිස් සැරයන්වරයෙක්.

එම නිලධාරියා යුද්ධය කාලයේ දී පොලිස් විශේෂ කාර්‍යය බලකයා යටතේ ද සේවය කර තිබෙන බවත් වාර්තා වනවා.

මෙම අනතුරින් තවත් එක් පොලිස් නිලධාරියෙක් සහ කාර් රථයේ පැමිණි පිරිසක් තුවාල ලබා දඹුල්ල රෝහල වෙත ඇතුළත් කෙරුණා.

අනතුර සිදුකළ ටිපර් රථ රියදුරා මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් හබරණ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51