රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරියෙකුට පහර දුන් ගුවන් හමුදා සෙබලෙක් අත්අඩංගුවට

පිටකොටුව බෝධිය හන්දිය පොලිස් මුරපොල අසල දී රථ වාහන රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළකු පිටකොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිටි ගුවන් සෙබළෙක්.

මෙම සෙබලා තවත් පුද්ගලයෙකු සමග අද (04) අලුයම ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී නිලධාරීන් එම රථය සැකපිට නවතා රියදුරුගෙන් බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු සතුව රියදුරු බලපත්‍රයක් තිබී නැති බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරියා එම රථ රියදුරුට තාවකාලිකව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට යාමේ දී එම රථය පිටුපස අසුනේ සිටි ඉහත ගුවන් සෙබලා පොලිස් නිලධාරීන් සමග බහින්බස්වී, මෙම පහරදීම සිදු කර තිබෙනවා.

පහරදීම කළ ගුවන් හමුදා සෙබළා එම අවස්ථාවේදී ම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08