රස ආහාර ඉල්ලා පාර්ලිමේන්තු කැන්ටිමේ මන්ත‍්‍රීවරුන් යකා නටති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද (8) ඇතිවිය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සැපයුම්කරුවන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට දියර කිරි සපයාදී නැති බවයි.

මිල්කෝ ආයතනයට දිගින් දිගටම දැනුම් දුන්නද ඔවුන් ප්‍රමාණවත් කිරි සපයා දීමක් නොකළ බවද එම ප්‍රධානියා සඳහන් කළේ‍ය.

මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ගවලද හිඟයක් ඇතැයි පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශය පවසයි.

හිඟතාව ඇතුළු විවිධ ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවට ඇතැම් ආහාර වර්ග සැපයීමේ කටයුතුද යම් ආකාරයකින් අඩාළවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !