2027ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රාග්ධන මුදල් ලෙස බිලියන 6.7ක්

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා පළාත් 09 ම ආවරණය වන පරිදි ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් (2025 -2030) දැවැන්ත මූල්‍ය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා.

එම මූල්‍යාධාර වැඩසටහනට ‌‌‌අනුව විශ්ව සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage) සඳහා ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සහ පාලනය ශක්තිමත් කිරීම අරමුණු කරගත් 2027 වසර සඳහා වන “ප්‍රතිඵල පාදක සැලසුම් සංවර්ධන” (Results Based Plan Development) වැඩසටහනේ සමාරම්භය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් කොමිසන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් අද (12) දඹුල්ල Jetwing Lake හීදී සිදුවුණා.

මෙහිදී 2027 වසර සඳහා එක් පළාතකට එක් සැලසුමක් සමගින් පළාත් 09 ට අදාළව වාර්ෂික සංවර්ධන සැලසුම් (Provincial Annual Development Plans) සමාලෝචන කටයුතු සිදුවනවා.

2027 වසරේ දී එක් පළාතකට රුපියල් මිලියන 750 ක දළ මුදලක් සමගින් ආසියානු සංවර්ධන බැංකු ප්‍රාග්ධන වශයෙන් රුපියල් බිලියන 6.7 ක මුදලක් ලැබීමට නියමිත අතර, ඊට අදාළ 2027 වසර සඳහා වූ සැලසුම් සකස් කර නොවැම්බර් මස මැදවන විට මුදල් කොමිසමට ලබාදිය යුතුව තිබෙනවා.

ඒ අනුව 2027 ජනවාරි මස සිට පළාත් වෙත අදාළ මුදල් වෙන් කර ගනිමින් සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.

ප්‍රතිඵල හෝ ඉලක්ක මත පදනම් වූ ණය” (Results-Based Lending – RBL) – 2020-2030) යටතේ මෙම සමස්ත ණය වැඩසටහනට ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඩොලර් මිලියන 100 ණය මුදලක් සහ ඩොලර් මිලියන 6.9ක විදේශ ප්‍රදානයක් අනුමත කර තිබෙනවා.

මෙම ක්‍රමයේදී, කලින් එකඟ වූ විශේෂිත සෞඛ්‍ය ඉලක්ක හෝ දර්ශක (Disbursement-Linked Indicators – DLIs) සපුරා ඇති බව ස්වාධීනව තහවුරු කිරීමෙන් පසුව පමණක් අදියරෙන් අදියර මුදල් ප්‍රතිපාදන නිදහස් කරනු ලබන අතර, දිවයිනේ පළාත් 9 හිම සෞඛ්‍ය දෙපාර්තමේන්තු සහ මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම ඉලක්ක සපුරා ගැනීමට සෘජුවම ක්‍රියා කළ යුතුයි.

මුදල් කාර්යක්ෂමව භාවිත කිරීම සහ නියමිත ඉලක්ක වෙත ළඟා වීම තහවුරු කිරීම සඳහා මුදල් කොමිෂන් සභාව (Finance Commission) මඟින් පළාත් 9 හිම ප්‍රධාන ලේකම්වරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගනිමින් වාර්ෂික සංවර්ධන සැලසුම් (Provincial Annual Development Plans) නිතිපතා සමාලෝචනය කරනු ලබනවා.

ආසියානු සංවර්ධන බැංකුව මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත වෙනම ප්‍රතිපාදන මුදලක් ද වෙන් කෙරෙන අතර ඒ සඳහා වන සැලසුම් මේ වන විටත් සකස් කොට මුදල් අමාත්‍යාංශය වෙත ලබා දී අවසන්ව තිබෙනවා.

මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ කණ්ඩායම් ප්‍රධානී ඩයිලින් චෙන් (Dai-Ling Chen), ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය විශේෂඥ උපදෙස්‌දකවරියක (Senior Public Health Specialist Consultant) වෛද්‍ය කුමාරි විනෝදනී නවරත්න යන මහත්ම මහත්මීන් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු න්, පළාත් ලේකම්වරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27