රවී ඇතුළු විත්තිකරුවන් හෙට දක්වා රිමාන්ඩ්

අද (25) හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනාට චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් හෙට (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කර තිබෙනවා.

ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඩුව කැඳවූ අවස්ථාවේදී යි.

2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි එම විත්තිකරුවන් 8 දෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම විත්තිකරුවන් ඇපමත මුදා හරින්නේ ද? නැද්ද? යන නියෝගය හෙට පස්වරු 2.00 ට ප්‍රකාශයට පත්කරන බව ද විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කර තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සඳහන් කර සිටියේ, මෙම නඩුවට අදාළව විත්තිකරුවන්ට සහ අධිකරණයට භාරදීමට නියමිත ලේඛන අඩංගු වෙලුම් 900 ක් දැනටමත් අධිකරණය හමුවට ගෙනවිත් තිබෙන බවයි.

තවත් වෙළුම් දෙකක් පමණක් භාරදීමට නියමිතව තිබෙන බවත් සඳහන් කළා.

එසේම ඉදිරිපත් කිරීමට නියමිත ඉතිරි ලේඛන අඩංගු වෙළුම් දෙක හෙට දහවල් 2.00ට පෙර අධිකරණය හමුවේ ගොනු කරන බවට පොරොන්දු වුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09