පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා අද (10) පෙරවරුවේ මහනුවරින් ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්‍රාවේ’ පළමු දිනය කඩුගන්නාවෙන් අවසන් වුණා.
මහා සංඝරත්නය අද (10) දිනයේ සිට ලබන 15 වනදා දක්වා දින හයක් පුරා පාගමනින් වැලිකඩ බන්ධනාගාරය දක්වා වැඩමකිරීමට නියමිතයි.
අද (10 පෙරවරුවේ මහනුවර දළදා මාලිගාවෙන් මෙම ‘නිදහසේ පාද යාත්‍රාව’ ආරම්භ කිරීමට පෙර ”සිවුරට යුක්තිය” යනුවෙන් අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක් ද පවත් වනු ලැබුවා
.
මෙම පාද යාත්‍රාවේ දෙවන දිනයවන හෙට (11) දිනයේ කඩුගන්නාවේ සිට කෑගල්ල දක්වා මහා සංඝරත්නය වැඩම කිරීමට නියමිතයි.
