රඹුක්කන නගරයේ පැවති විරෝධතාව අතරතුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගිය දෙදරු පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදුකිරීමට නියමිතය.
අදාළ සිද්ධියෙන් මියගිය කේ. බී චාමින්ද ලක්ෂාන්ගේ දේහය පසුගිය 21 වනදා රාත්‍රියේ ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබීය.
ඒ අනුව, දේහය පිළිබඳ අවසන් කටයුතු දේවාලගම, නාරන්බැද්ද, හිරිවඩුන්නේදී අද සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
එම කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහාය ලබාදෙන ලෙස පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




