ඊයේ (09) අලුයම රඹෑව ප්‍රදේශයේ දී මාරාන්තික අනතුරක් සිදුකළ පළාගොස් සිටිය දී අත්අඩංගුවට ගැනුණු 17 හැවිරිදි පුද්ගලයා අද (10) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එම අවස්ථාවේ දී සැකකරු සමඟ අනතුර සිදුකළ කැබ් රථයේ සිටි තවත් පුද්ගලන් දෙදෙනෙක් ද අද (10) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ බවයි මිහින්තලේ පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනා මෙම මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු නිවෙස් බලා යමින් සිටි තරුණ තරුණියන් පස්දෙනෙක් අනතුරට ලක්කර කැබ් රථයක් පළාගොස් තිබුණේ ඊයේ (09) අලුයම කාලයේ දීයි.
මෙම අනතුරින් අවුරුදු 16, 19 සහ 21 යන වයස්වල පසුවූ තරුණයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තරුණියන් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා.
මෙලෙස මියගොස් තිබුණේ පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.
අනතුර සිදුකළ 17 හැවිරිදි තරුණයාට රියදුරු බලපත්‍රයක් ද නොමැති බවයි පසුව අනාවරණය වුණේ.




