රඹෑවේ මාරක අනතුර සිදුකළ 17 හැවිරිදි තරුණයා රිමාන්ඩ්

ඊයේ (09) අලුයම රඹෑව ප්‍රදේශයේ දී මාරාන්තික අනතුරක් සිදුකළ පළාගොස් සිටිය දී අත්අඩංගුවට ගැනුණු 17 හැවිරිදි පුද්ගලයා අද (10) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී සැකකරු සමඟ අනතුර සිදුකළ කැබ් රථයේ සිටි තවත් පුද්ගලන් දෙදෙනෙක් ද අද (10) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ බවයි මිහින්තලේ පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනා මෙම මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු නිවෙස් බලා යමින් සිටි තරුණ තරුණියන් පස්දෙනෙක් අනතුරට ලක්කර කැබ් රථයක් පළාගොස් තිබුණේ ඊයේ (09) අලුයම කාලයේ දීයි.

මෙම අනතුරින් අවුරුදු 16, 19 සහ 21 යන වයස්වල පසුවූ තරුණයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තරුණියන් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා.

මෙලෙස මියගොස් තිබුණේ පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.

අනතුර සිදුකළ 17 හැවිරිදි තරුණයාට රියදුරු බලපත්‍රයක් ද නොමැති බවයි පසුව අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ් - බෑග් එකත් අරගෙන නිල් පාට බස් එකේ ගිය හැටි
02:50
Video thumbnail
ආණ්ඩුව ගොවීන්ව අමතක කරලා හිතුවක්කාර පාලනයක් කරනවා
06:57
Video thumbnail
බීඩි ගහගෙන හිටපු එවුන්ට බලය දුන්නා - මුන් දැන් නාඩගම් නටනවා
02:27
Video thumbnail
සේවක අර්ථසාධක, භාරකාර අරමුදලේ ඇත්ත නැත්ත නි. ඇමති හෙළිකරයි - වැරදි අවබෝධයක් තියෙන්නේ
12:10
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54