රබර් ආශ්‍රිත අපනයන ආදායමේ වර්ධනයක්

2021 වසරට සාපේක්ෂව පසුගිය 2022 වසරේ රබර් ආශ්‍රිත අපනයන තුළින් ලද ආදායම 39% කින් ඉහළ ගොස් ඇති බවත්, රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය 93 % කින් පමණ පහළ ගොස් ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ අද (08) උදෑසන පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ 2022 වසරේ මැද භාගය වන විට රබර් මිල සීඝ්‍රයෙන් පහළ බැසීම මෙන්ම, දේශීය රබර් ගොවියාට රබර් වෙළඳපොළක් නැති තත්ත්වයක් ඇති වූ බවයි.

ඒ, අනුව මේ පිළිබඳව සොයා බැලීමේ දී අපේ රට රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සඳහා රබර් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බැවින් අමුද්‍රව්‍ය ලෙස රබර් අපනයනය සිදුකළ ද එය ප්‍රමාණය ඉක්මවා සිදුකිරීම හේතුවෙන් මේ ගැටළුව ඇති වී තිබෙන බවට හෙළි වූ බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඒ, අනුව අදාළ පාර්ශ්ව එක්ව සකස් කළ වැඩපිළිවෙල මත 2021 දෙසැම්බර් මාසයේදී, අමුද්‍රව්‍යක් ලෙස ආනයනය කළ රබර් මෙට්‍රික් ටොන් 22000ක ප්‍රමාණය 2022 දෙසැම්බර් මස වන විට මෙට්‍රික් ටොන් 1548 දක්වා අඩුකර ගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම 2021 වර්ෂයේ දී ඩොලර් මිලියන 1050ක් වූ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ද 2022 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1463 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?