රනිල් ආණ්ඩුවට කඩේ යන හැටි ෆොන්සේකා රනිල්ගේ මූණටම කියයි

බලශක්තිය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදයට එක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය කථාව අතරතුර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මුහුණටම දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කරා.

සමගි ජන බලවේගය සභාපතිවරයාද වන ෆොන්සේකා මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයේ සදාකාලිකවම කටයුතු කළ ආකාරයට ඇතුලේ ඉන්න අයගෙම කකුලෙන් ඇදීම මේ විශ්වාසභංගයේදීත් කළ බවයි.

අඟේ ඉදන් කන කන මිනිහෙක්

වික්‍රමසිංහ මහතා ඔළුව අත ගා ටොක්ක අනින , අඟේ ඉදන් කන කන පුද්ගලයෙකු බව පෙන්වා දුන් ෆොන්සේකා මහතා විශ්වාසභංගය ගෙන ආ යුතුව තිබුණේ ඇමතිවරයාට එරෙහිව නොව ආණ්ඩුවට එරෙහිව බවට සංශෝධනයක් ගෙන ඒමට උත්සාහ කළ බවත් පෙන්වා දුන්නා.

ඒ හරහා ආණ්ඩුව දුර්වල කළ හැකි බවට වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ලබාදුන් බව පෙන්වා ෆොන්සේකා මහතා සඳහන් කළේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගෙන ආවේ නම් ආණ්ඩුව තවත් ශක්තිමත් වන බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන් බව සඳහන් කරමින්.

ආණ්ඩුවට කඩේ යනවා

වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට කඩේ යන බව ප්‍රකාශ කළ ෆොන්සේකා මහතා එසේ කඩේ යාමද දැන් ආණ්ඩුව අනුමත නොකරන බව නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ කතාවෙන් පැහැදිලි වන බවයි සඳහන් කළේ.

එනිසා සමගි ජන බලවේගය වැඩවලට අත දාන්නේ නැතුව ඕනනං ආණ්ඩුවට එරෙහිව තනියෙන් විශ්වාසභංගයක් ගෙන එන ලෙස වික්‍රමසිංහ මහතා අමතා ෆොන්සේකා මහතා සඳහන් කළා.

වේලාව දුන්නෙත් ආණ්ඩුව පස්ස දොරෙන්

වික්‍රමසිංහ මහතාට කතා කිරීමට වේලාව ලබා දුන්නේ විපක්ෂයෙන් නොව ආණ්ඩුවෙන් බවද හෙළි කළ ෆොන්සේකා මහතා වික්‍රමසිංහ මහතා කතානායකවරයාට කතා කොට පස්ස දොරෙන් කතා කිරීමට වේලාව ගත් බවටද චෝදනාවක්ද කළා.

සරත් ෆොන්සේකා මහතාගේ මෙම සියලූ වාග් ප්‍රහාර වික්‍රමසිංහ මහතා බාධා කිරීමකින් තොරව නිහඬවම අසා සිටීමද දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?