රනිල් ආණ්ඩුවට කඩේ යන හැටි ෆොන්සේකා රනිල්ගේ මූණටම කියයි

බලශක්තිය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදයට එක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය කථාව අතරතුර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මුහුණටම දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කරා.

සමගි ජන බලවේගය සභාපතිවරයාද වන ෆොන්සේකා මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයේ සදාකාලිකවම කටයුතු කළ ආකාරයට ඇතුලේ ඉන්න අයගෙම කකුලෙන් ඇදීම මේ විශ්වාසභංගයේදීත් කළ බවයි.

අඟේ ඉදන් කන කන මිනිහෙක්

වික්‍රමසිංහ මහතා ඔළුව අත ගා ටොක්ක අනින , අඟේ ඉදන් කන කන පුද්ගලයෙකු බව පෙන්වා දුන් ෆොන්සේකා මහතා විශ්වාසභංගය ගෙන ආ යුතුව තිබුණේ ඇමතිවරයාට එරෙහිව නොව ආණ්ඩුවට එරෙහිව බවට සංශෝධනයක් ගෙන ඒමට උත්සාහ කළ බවත් පෙන්වා දුන්නා.

ඒ හරහා ආණ්ඩුව දුර්වල කළ හැකි බවට වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ලබාදුන් බව පෙන්වා ෆොන්සේකා මහතා සඳහන් කළේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගෙන ආවේ නම් ආණ්ඩුව තවත් ශක්තිමත් වන බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන් බව සඳහන් කරමින්.

ආණ්ඩුවට කඩේ යනවා

වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට කඩේ යන බව ප්‍රකාශ කළ ෆොන්සේකා මහතා එසේ කඩේ යාමද දැන් ආණ්ඩුව අනුමත නොකරන බව නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ කතාවෙන් පැහැදිලි වන බවයි සඳහන් කළේ.

එනිසා සමගි ජන බලවේගය වැඩවලට අත දාන්නේ නැතුව ඕනනං ආණ්ඩුවට එරෙහිව තනියෙන් විශ්වාසභංගයක් ගෙන එන ලෙස වික්‍රමසිංහ මහතා අමතා ෆොන්සේකා මහතා සඳහන් කළා.

වේලාව දුන්නෙත් ආණ්ඩුව පස්ස දොරෙන්

වික්‍රමසිංහ මහතාට කතා කිරීමට වේලාව ලබා දුන්නේ විපක්ෂයෙන් නොව ආණ්ඩුවෙන් බවද හෙළි කළ ෆොන්සේකා මහතා වික්‍රමසිංහ මහතා කතානායකවරයාට කතා කොට පස්ස දොරෙන් කතා කිරීමට වේලාව ගත් බවටද චෝදනාවක්ද කළා.

සරත් ෆොන්සේකා මහතාගේ මෙම සියලූ වාග් ප්‍රහාර වික්‍රමසිංහ මහතා බාධා කිරීමකින් තොරව නිහඬවම අසා සිටීමද දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08