රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
කොළඹ අද (23) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මේ බව සඳහන් කළා.
එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතී ද යන්නයි.
මර්ශන ඉදිරියට සිදුවෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බව ඊට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
+1
+1
1





