AFC Banner
Empty Ad
Empty Ad

රනිල්ගේ රජයක් යටතේ මැණික් කර්මාන්තයට හොඳ කලදසාවක් ?

මැණික් කර්මාන්තකරුවන්ට මැණික් ගැරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදීමේ නීති ලිහිල් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පැල්මඩුල්ල සිල්වරේ හෝටලයේ අද (03) මැණික් කර්මාන්තකරුවන් සමඟ පැවති හමුවකට එක්වෙමින්.

මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් ඇතුළත් යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කෙරුණා.

මෙම කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳ ජනපති මැණික් කර්මාන්තකරුවන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර අපනයන ආර්ථිකයක් තුළින් විදේශ විනිමය ඉහළ නංවා ගැනීම ඉලක්කය බව ද මෙහිදී අනාවරණය වුණා.

මැණික් කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නවීන තාක්ෂණය යොදා ගැනීමටත්, කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන කලාපයක් රත්නපුර නගරයේ ඇති කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

වැවිලි සමාගම් සතුව පවතින මැණික් ඉඩම් නිසි සැලැස්මක් ඔස්සේ මැණික් කර්මාන්තකරුවන්ට ලබාදීමට පියවර ගන්නා බවත් මෙම හමුවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?