AFC Banner
AFC Banner
Empty Ad

රනිල්ගේ නිවසට ගිනි තිබ්බ අරගලකරුවෙක් අත්අඩංගුවට

2022 ජුලි මස 07 වනදා අරගලකරුවන් විසින් කොල්ලුපිටිය 05 වන පටුමග පිහිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජයසූරිය මුදියන්සේලාගේ විමලරත්න නැමැති අවු.46 ක පුද්ගලයෙකි.

ඔහු නීති විරෝධී රැස්විමක සාමාජිකයන් වී සිටිමින් 2022 ජුලි 09 වන දින එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට සහ නිවස පිහිටි ඉඩමට අයුතුව ඇතුල්විම හා එහි දේපළ සොරකම් කිරිමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 138, 366, 408, 419, 427, 428 වගන්ති යට⁣තේ වරදවල් සිදු කර තිබෙනවා.

මෙම සැකකරු නිවෙස්වලට ගොස් සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම් සිදුකරනු ලබන අතර, සැකකරු හෙට (06) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?