spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රනිල්ගේ ආර්ථික මොඩ්ල් එකෙන් රට ගොඩ ගියා

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව මොඩලයකට යාමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවූ බවත්, ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රයෝගික මොඩලයක් බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

පාසල් හැරයන සෑම දරුවෙකුටම වෘත්තීය පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව කියා සිටියේ, නව වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කල්තැබීමේ විවාදයට එක්වෙමින්.

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මුහුණ දෙන දැවැන්ත අර්බුදයෙන් මුදාගත යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, පුනර්ජනනීය විදුලි බලයට යොමුවී එමගින් විදුලි බල මණ්ඩලය මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බව ප්‍රකාශ කළා.

රජය දුන් සහාය සහ සහයෝගය තුළින්, මෙරට ගොවි ජනතාවට අහාර නිෂ්පාදනය වැඩිකිරීමට හැකිවූ බවද, ආර්ථික අර්බුදයේදී බොහෝ රටවල රාජ්‍ය සේවක කප්පාදුවක් සිදුවුවත්, මෙරට රාජ්‍ය සේවක හෝ විශ්‍රාම වැටුප් කප්පාදුවක් සිදු නොවූ බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන්කර සිටියේ,

“ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමා විසින් පවත්වන ලද නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය විවෘත කරමින් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ අවස්ථාවේදී විවාදයට ලක්වී තිබෙන මොහොතේදී එක්වීමට ලැබීම අග්‍රාමාත්‍යවරයා හැටියට මම අගය කරනවා.

ජනාධිපතිතුමා විසින් ඉතාමත් සරලව සහ නිශ්චිත කරුණු ගැබ් කර ගනිමින් රට මුහුණ දුන්නු අර්බුදයත්, අර්බුදයෙන් ගොඩ එන මාර්ගයේ ගමන් කිරීම සඳහා ගත්තා වූ පියවරයන්, ඒ වගේම ඒවායේ ප්‍රගතිය පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මහා වගකීම ඉෂ්ට කිරීමට තිබෙන ‍ක්‍රියාමාර්ගයන් සඳහා ඉතාම පැහැදිලිව පාරදෘශ්‍ය භාවයෙන් ඉටුකර තිබෙනවා.

පාර්ලිමේන්තුව පසුගිය අවුරුදු දෙක තුළ ඉතාම බැරෑරුම්ම, ආර්ථික, මූල්‍යමය වාගේම ව්‍යවස්ථාමය අර්බුදයන් හරහා ගමන් කළා. ඒ සඳහා ජනාධිපතිතුමාට ලබාදෙන ලද සහයෝගයට අපි යළිත් ආණ්ඩු පක්ෂයේ විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඒවාගේම විපක්ෂයේ බොහෝ අවස්ථාවල අපට සහයෝගය ලබා දුන් මන්ත්‍රීවරුන්ට මේ අවස්ථාවේදී යළිත් ස්තූතිවන්ත වෙනවා.

මේ රටේ ආර්ථික දැවැන්ත කඩා වැටීම ඉදිරියේ තිබුණු තත්ත්වය එතුමාගේ වචන වලින්ම කියනවනම් 2022 පෙබරවාරි මෙරට තිබුණු තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබරවාරි වෙද්දී ඊට වඩා යහපත් තත්ත්වයකට මේ රට ගෙන එන්නට අපට පුළුවන් වුණා. මේ පෙබරවාරි වෙද්දි ගිය අවුරුද්දේ පෙබරවාරිවලට වඩා යහපත් මට්ටමකට අප රට පැමිණ තිබෙනවා.

මා විශේෂයෙන් මේ කාරණාවන් සඳහන් කළේ මේ ඉදිරිපත් කරපු කරුණු එසේ නොවන බවට කිසිම පාර්ලිමේන්තුවේ අභියෝගයට ලක් කරනවා කියලා ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ට කියන්නට බැරි වුණා. ගිය වසරේ උද්ධමනය එතුමාගේ ප්‍රකාශයේ 50.6% යි. අද එය 6.4% දක්වා පහළට වැටිලා තිබෙනවා. ආහාර උද්ධමනය 54.4% යි. අද එය 3.3%ක් දක්වා අඩුවී තිබෙනවා. එදා ඩොලරයක අගය රු. 362යි .

අද රු. 314 යි. අපි මේ යන ගමනේ නිදහසෙන් පසුව ගෙවුණු අවුරුදු 76 තුළම ප්‍රාථමික අය වැය අතිරික්තයක් හැටියට ගන්න ශ්‍රී ලංකාවට හැකි වුණු 6වැනි අවස්ථාව මෙයයි. ඒ වගේම එදිනෙදා ව්‍යාපාරික, පෞද්ගලික ආදී අපි කවුරුත් බැංකු ක්‍රමය හරහා මුහුණ දෙන 2023 දී 28% ක් වූ පොලි අනුපාතය දැන් පහළ වැටී තිබෙනවා. එය 12% ක් අවට අනුපාතයේ අද පවත්වා ගෙන යනවා. මේ ආකාරයේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු විශේෂ ප්‍රකාශනයේ මේ තත්ත්වයන් ගැන පැහැදිලිව සැලකිල්ලට ගෙන මේ යන ප්‍රතිපත්තිමය කරුණු, ඒවාගේම වැඩපිළිවෙලට යළි යළිත් සහයෝගය දීමට අපි කැපවී තිබිය යුතුයි කියන එක විශේෂයෙන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කුමන විවේචනයක් තිබුණත් සඳහන් කරන්නට කැමති. සංචාරක ව්‍යාපාරය ඉතා කැපීපෙන ප්‍රගතියකට පත්වුනා. ගරු කතානායකතුමනි, අපේ රටේ කෘෂිකර්මික වර්ධනය 3.9% කින් වැඩි වී තිබෙන බව සියලු සංඛ්‍යාලේඛන පිළිගන්නවා. ඒ ඇයි? ඒ සඳහා දෙන ලද සහයෝගය හා මඟ පෙන්වීමයි. ඒ සඳහා දෙන ලද විවිධ සහනයන් හා සහයෝගයන් නිසා ගොවි ජනතාවට පුළුවන් වුණා මේ බලවත් වර්ධනය ඉටු කරන්න.

Agriculture has shown and impressive 3.9 growth year on year. We all that all know importantly especially main payable half of the population.

ඒවගේම සංචාරක සේවය 12% වර්ධනයකට පරිවර්තනය කරලා තිබෙනවා. ‍‍ කරුණු දෙක නිසා ආර්ථිකයේ යළි පණ ගැන්වීමේ ක්‍රියාමාර්ගයට දැවැන්ත නිෂ්පාදන ශක්තියක් ලබා දීලා තිබෙනවා. කෘෂිකර්මාන්තයට ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කරුණු අනුව කෘෂිකර්මය නිෂ්පාදනය විශේෂයෙන් සහල් ගොවිතැනේ දෙගුණයක් කිරීමේ ඉලක්කයට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි භූමි භාගය වැඩි කර නොගත්තත් අපිට නිෂ්පාදනය එලෙස වැඩි කරගන්නට ගොවිජනතාවට සහයෝගය දැක්වුවහොත් ගොවිජනතාවගේ ආදායම් මට්ටම් තවත් වැඩිවෙනවා. ඒ සඳහා යන වැය අඩු කර ගැනීමේ නව ක්‍රමවේදයන් දැනට කුඹුරට ගෙනයාමට පුළුවන් තත්ත්වයකට අපි සාකච්ඡා කර තිබෙනවා. මෙය ඉතාම වැදගත්.

මොකද අපේ රටේ අතිමහත් බතුතරය වැවිලි ආර්ථිකය වගේම ආහාර ගොවිතැනින් ලබාගත හැකි ආදායම් මාර්ග වැඩි කිරීමත්, ඩොලර් වලට යන මුදල අපේ රටේ ගොනු ජනතාවට ඉතුරු කර ගැනීමටත් පුළුවන් වෙන තත්ත්වයකට අපිට රට ගේන්න පුළුවන් කමට පැමිණෙනවා.

දැන් මම තවත් වැදගත් කාරණාවක් මතු කරන්න කැමතියි. අස්වැසුම අපට බොහෝ සේවය විවේචනයට ලක් කරනවා අඩු ආදායම් ලබන්නන්ගේ දුක වේදනාව අමතක කරලා කටයුතු කරනවා කියලා. අස්වැසුමට වැඩි කිරීමෙන් ලබාදෙන සහනය විශාල ශක්තියක් වී තිබෙනවා.

දුප්පත්කම මේ හැම රටකම පවතිනවා. දුප්පත්කම තුරන් වුනු රටවල් අතලොස්සක් පමණයි ලෝකයේ තවම තියෙන්නේ. නමුත් දුප්පත්කමෙන් අතිරේකව විවිධ දේවල් වලට සෞඛ්‍ය, නිරෝගී භාවයට තිබෙන බාධාවන් වලට ආධාර දෙන වැඩපිළිවෙළවල් ලෝකයේ හැම රටකම ඒ වෙනම කණ්ඩායමක් ලෙස තෝරාගෙන ඉටු කිරීමට බැඳී සිටිනවා. ඒ වැඩපිළිවෙළවල් කිසිවක් අපි නවතා නැහැ.

මෙහි ප්‍රධාන වන්නේ ගරු කතානායකතුමනි, අපි අස්වැසුම ප්‍රධානය කරන වෙලාවේ, අපේ රටේ බැංකු ක්‍රමය අවුරුදු 60ක්, අවුරුදු 50ක් පසු කරපු බැංකු, මහජන බැංකු අවුරුදු 60යි. තවත් රාජ්‍ය බැංකු ගණනාවක දීර්ඝ බැංකු ක්ෂේත්‍රයක කටයුතු කර තිබුනත්, අපේ රටේ බැංකු ක්‍රමයට ගිණුමක් විවෘත කරන්න මේ ලබන අස්වැසුම ප්‍රතිලාභීන්ට ඉඩකඩ විශාල ලක්ෂ ගණනාවකට තිබුණේ නැහැ.

අපේ රටේ බැංකු ක්‍රමයට සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවය අපේ රට මුළු රටවැසියන් පරිවර්තනය කර ගැනීමේ සුදුසුකම් ලබන වයසේදී පරිවර්තනය කර ගැනීමට අපේ බැංකු ක්‍රමයේ ලිහිල් විය යුතු කියන කාරණය පටන් ගැනීමට අස්වැසුම දැවැන්ත සහනයක් බවට පරිවර්තනය කළා.මේ තුළින් මූල්‍යමය වෙන්කිරීම් කෙළින්ම බැංකුවට අදාල හිමියන්ට ලබාදීම සඳහා වූ ක්‍රියාමාර්ගයට අප අවතීර්ණ වුණා.

ඒ වග ද තවදුරටත් බැංකු ක්‍රමය හරහා අස්වැසුමට ලබා දිය හැකි නිවැරදි තොරතුරු ද ලබා ගනිමින් තවද සහනයන් ලබාදීමට රැකියාව සඳහා කටයුතු කිරීමට පුළුවන්කම දැනට ගරු රාජ්‍ය ඇමතිතුමාලා ප්‍රකාශයට පත් කරා.

මම විශේෂයෙන් මේ රටේ අප මුහුණ දෙන ප්‍රබල ආර්ථික අවපාතය ගැන මෙසේ සඳහන් කළා. මේ ගමනේ සාර්ථකත්වයට රැඳී ඇති අරමුණ සඳහා කැපවීම සඳහා සියලු දෙනාටම සහයෝගය අවධාරණය හා බැඳියාවට එක්වන ලෙසද ජනාධිපතිතුමා ආයාචනය කරා.

අපි 2019 වන විට යළිත් බැලුවොත් එතරම් ශක්තිමත් තත්ත්වයක නොපැතනු සමස්ත ආර්ථිකය 2010 කාලය තුළ සාමාන්‍යයෙන් ඉතා අඩු වර්ධන වේගයකට පරිවර්තනය වෙන්නට පටන් ගත්තා.

ඒ වගේම අපි මුහුණ දුන්න ගෝලීය වසංගතයට මුහුණ දීමට ගෝලීය ආර්ථිකය පවා වර්ධන වේගයෙන් අඩුවෙන්නට පටන් ගත්තා. එයින් පසුව ඇතිවුණු තත්ත්වයට යළි ගෝලීය ආර්ථිකය පැමිණ නැති බව සියලු ආර්ථික විශේෂඥයන් අද වන විටත් ලොවපුරා ප්‍රකාශය කරනවා. එවැනි ආර්ථික පසුබෑමකට ලෝක ආර්ථිකයන් වැටෙද්දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඒ වැටුණු බරපතල කඩා වැටීමෙන් අපි ප්‍රතිකර්ම වට්ටෝරුවක් ස්ථීරවම ලෝකය නැති බවත්, නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ජාත්‍යන්තරව මුහුණ දුන්නු මූල්‍ය ක්‍රමය සමඟ අඩපණ වුණු තත්ත්වයන් යළි ගෙන එන්නට ජනාධිපතිතුමාට පසුගිය වසරේ පුළුවන්කම ඇතිවුණා. එතුමාගේ ප්‍රකාශයේ ඉතාම වැදගත් තව කොටසක් තිබෙනවා.

මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුව නොදන්නා කාරණාවක් නොවේයි, නමුත් පාර්ලිමේන්තුවට හොඳ උදාහරණයක් හැටියට යළි වෙන්නේ දියුණු යුරෝපයෙන්, ආර්ථික ක්‍රමය දියුණු යුරෝපයේ ග්‍රීසියට මුහුණ දෙන්නට බැරිවුණු ණය ගෙන්වා ගෙවීමේ ආර්ථික කඩා වැටීමයි. ඒ සිදුවුණේ 2009 දී එතුමා සඳහන් කරනවා යලිත් වරක් පසුගිය අවුරුදු ගණනාවම ගත කරන්න සිදුවුණේ මේ අමාරු තත්ත්වයෙන් හිස එසවීමටයි. ග්‍රීසිය සමගම ස්පාඤ්ඤය ආර්ථික හා මූල්‍ය කඩා වැටීමකට පත්වුණා ගරු කතානායකතුමනි. පෘතුගාලය දැවැන්ත කටා වැටීමකට පත්වුණා. මම රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හැටියට සඳහන් කරන්නට ඕනේ, ආසියාවෙත් මලයාසියාව අපි දන්න කාලේ එවැනි අර්බුදයකට පත්වුණා.

නමුත් මේ පිළියම් මොඩලය යම් යම් විශේෂඥයෝ බාහිරව ඉඳගෙන කරුණු කිව්වත්, එසේ ස්ථාවර ඒකාකාර පිළියම් මොඩලයක් නැති බව තේරුම් ගනිමින් ඒ රටවල්වලට ඇති කරපු දේට හා වෙනස් වුනු පිළියමකට ජනාධිපතිතුමාට ගමන් කරන්න පුළුවන් වුනා. එය අපේ ආණ්ඩුව හැටියට අපි පැහැදිලි කරලා දෙනවා. රජයේ සේවකයන් දහතුන් ලක්ෂයක් වෙනුවෙන් මැදිහත් වෙන්නතා ඕන කියලා ලක්ෂ්මන් කිරිඇල්ල ගරු නියෝජ්‍ය විපක්ෂ නායකතුමා සඳහන් කළා. රජයේ සේවකයන් කිසිවෙකු මේ අර්බුද කාල පරිච්ඡේදයේ අපි සේවයෙන් අස් කරල නෑ.
මේ තරම් ජයග්‍රහණයන් අපේ රටේ රාජ්‍ය සේවය හා රාජසේවය හරහා ජනතාවට ඉෂ්ට වෙන සියලු සේවාවන්ට ලබා දෙන්නට මේ ආර්ථික හා මූල අර්බුදයේ දරුණුකම හරහාත් අපට පුළුවන්කම ලැබුණා ගරු කතානායකතුමනි.

එපමණක් නොවේ. රජයේ සේවකයන්ගේ පසුගිය අයවැය ‍ලේඛනයෙන් ඔවුන්ගේ දීමනාව වැඩි කර තිබෙනවා. ඒ සම්පූර්ණයෙන් වැඩි කිරීමට පුළුවන් වුනු තත්ත්වයට අපි එන මාසයේ ගමන් කරනවා. ඊට අතිරේකව රජයේ සේවකයන්ගේ වෙනත් ඉල්ලීම් රාශියකට ඉඩකඩ ලබා දීලා තිබෙනවා. අපි හැරී බලමු විශ්‍රාමිකයන් ගැන. විශ්‍රාමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරමින් විශ්‍රාමිකය ගෙවීමට විශ්‍රාමයේ ඉතිරි හිඟයන් ගෙවිමට පුළුවන් තත්ත්වයකට අද විශ්‍රාම දෙපාර්තමේන්තුවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීලා තිබෙනවා. පැත්තෙන් හැරිලා බලන්න කියවල බලන්න. අනිත් පැත්තෙන් හැරිලා බලන්න. කියවලා බලන්න ඔය කියන මොඩලයන්.

ඒ හැම මොඩලයකම රාජ්‍ය සේවය කප්පාදු කළා සියයට පනහ හැටක් සමහර තැන්වල. ග්‍රීසියේ ගරු කතානායකතුමනි රාජ්‍ය සේවකයන් කප්පාදුව දරුණුතුම සිදුවුණා. විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම කප්පාදුව දරුණුවටම සිද්ධ වුණා. ඒ නිසා ඒවා උදාහරණ නොවේ කියන ටික අපි අනුගමනය කරන ඉතාම ප්‍රවේශම් මොඩලයක් වශයෙන්, ඉතා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයන් තුළින් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට පුළුවන් අවස්ථාවට රට පැමිණ තිබෙනවා අභියෝග වැඩි. අප පිළිගන්නවා. ඒ අභියෝග ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒ අභියෝග හරහා අපේ රටේ අලුත් පරම්පරාවට අපේ රටේ අනාගතය වූ අලුත් පරම්පරාවට මේ රටේ ඉඩකඩ ලැබෙන අවස්ථාව අපි දැනුම සඳහා වු නව දැනුම එකතු කිරීමේ ක්‍රියාමාර්ගයට බැසීමයි. තරුණ තරුණියන්ට පසුගිය අයවැය ‍ලේඛනය වගේම දැන්ද තවදුරටත් මම විශ්වාස කරනවා. අපේ වෙන් කරලා තිබෙනවා විශාල මුදලක් දිස්ත්‍රික් සංවර්ධනයේ.

ජනාධිපතිතුමා අපි වෙන්කරලා තිබෙනවා විශාල මුදලක් ආසනවල සංවර්ධන කොමිටිවලට. ප්‍රාදේශීය සංවර්ධන කොමිටිවලට. අපි බලාපොරොත්තු වෙනවා. එතුමා ප්‍රකාශ කළා පාසල් හැර යන හෝ පාසලේ හැලෙන හැම දරුවෙක්ටම අනාගතය සඳහා පුහුණු වෘත්තීය හා තාක්ෂනික පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක වෙනවා. එය අපේ රටේ තරුණ පරම්පරාව වෙනුවෙන්. තරුණ පරම්පරාවට අලුත් අවස්ථාවල් ඇති කරගැනීමට ඉඩකඩ සඳහා.

මගෙත් එකඟ වෙයි කියලා මම විශ්වාස කරනවා අපේ විරුද්ධ පක්ෂය. අපේ ඔබේ ආණ්ඩුකාලවල පාසලේ හමාර කරන පාසල් ජීවිතය අතරමග හැලී යන ලක්‍ෂ සංඛ්‍යාත දරුවන්ට මේ පුහුණුව ලබාදීම අනිවාර්යයෙන්ම අලුත් ශක්තියක් අනාගතයට ගමන් කරන තරුණ පරම්පරාවට ලබාදීමයි. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය නීතිරීති අප ගෙනවිත් මහා බැංකුවට ස්වාධීනව තීරණ ගැනීමට අවශ්‍ය කටයුතු පවරලා තිබෙනවා.

මේ පාර්ලිමේන්තුවට එම සංශෝධනයන් ගෙන ඇවිත් එය අනුමත කළා. මහා බැංකුවට එසේ කටයුතු කරන්න පුළුවන්කම සඳහා වූ ඉල්ලීම් මේ කාරණය තුළ ඉටු කරලා තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි ආර්ථික ස්ථාවර භාවයත් විදේශ විනිම අනුපාතය යහපත් තත්ත්වයක පවත්වා ගැනීමට පිළිගත හැකි ලෙසින් වර්ධනය ආර්ථිකය තුළ සිදුවෙමින් පවතිනවා.

ආර්ථිකය අද දළ වර්ධනයකට පරිවර්තනය කරන්න පුළුවන් බව ඉතාමත් පැහැදිලිව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඉදිරියේ ප්‍රකාශ කළා. එය දැවැන්ත විශ්වාසයක් ආර්ථිකයේ. ආයෝජකයන් ගෙන්වා ගැනීමට අවශ්‍යතාවයක්. ආයෝජකයන් ගෙන්වා ගැනීමට අවශ්‍යතාවය මත අපේ ආර්ථිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට හා ශක්තිමත් කිරීමට හා වර්ධනය කර ගැනීමට වෙළඳපොළට පුළුවන්වේය කියන විශ්වාසය අපි ඇති කරගෙන තිබෙනවා.

ඒ නිසා මූල්‍ය වෙළඳපොල ස්ථාවර කිරීමේ පියවර සඳහා මහ බැංකුවට ලබාදී තිබෙන ඒ බලතල හා නීතිමය වරප්‍රසාදයන් හරියාකාර ක්‍රියාත්මක කිරීමට හැකි ක්‍රියාමාර්ගයකට අපි රට ගමන් කරවීම සඳහා එතුමාගේ පාර්ලිමේන්තුව අමතා කළ කතාව අපට මග පෙන්වන බව සඳහන් කරන්නට ඕනේ. විවිධ ආර්ථික ගැටලූ හරහා අපේ ප්‍රධාන බැංකු දෙක. මහජන බැංකුවත් ලංකා බැංකුවත් ගැන සඳහන් වුණා. අපේ පිළිගත යුතු යථාර්ථයක් ආණ්ඩුකාල දෙකකම කුමන දේශපාලන නායකත්ව තිබුණත් රාජ්‍ය සංස්ථාවල්වලට තවදුරටත් බොහෝ රාජ්‍ය සංස්ථාවල්වලට භාණ්ඩාගාරයෙන් යැපෙන්නට ඕනෙ කියන කතාවෙන් මිදෙන්නට පුළුවන් වැඩපිළිවෙළකට අවතීර්ණ වෙන්නට ඕනේ. ඒක පාර්ලිමේන්තුවෙත් මතය. මේක ආණ්ඩුවේ මතය විතරක් නෙවෙයි. මේක පාර්ලිමේන්තුවේ හැම කාරක සභාවකම ඉන්න මන්ත්‍රීවරු කියාපාන මතය. ඒ සඳහා වූ ක්‍රියාමාර්ගය ඉතා පැහැදිලිව ඉෂ්ට කිරීමෙන් අපේ බැංකු දෙක මුහුණ දෙන දැවැන්තම අර්බුදය මහජන බැංකුවත්, ලංකා බැංකුවත් මුදවා ගන්නට පුළුවන් ක්‍රියාමාර්ගයන්ට අපට අවතීර්ණ වෙන්න පුළුවන්කම ඇති කරගෙන තිබෙනවා.

අපි විශ්වාස කරනවා, ඒ අතරතුර විකල්ප ආර්ථික දොරටු අපි විවෘත කරගන්නට ඕන. අපි බොහෝ කතා වුණා. නමුත් විදුලිබල මණ්ඩලයට හෝ විදුලිය නිෂ්පාදනය කිරීමේදී අප මූණ දෙන පුනර්ජීවන විදුලිය කෙරෙහි අපි අවධානයක් යොමු කර යුතුයි. එය වැඩි කිරීම සඳහා පසුගිය අයවැය ‍ලේඛනයත් අලුත් ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහතේ, ජනාධිපතිතුමා ආයෝජන මණ්ඩලයෙන් විශාල ප්‍රතිසංවිධාන ඒකක කටයුතු කිරීමේ ක්‍රියාමාර්ගය සඳහන් කළ යැයි ඒ තුළින් ආයෝජකයන්ට ඉතා ඉක්මනින් පැමිණීමටත් ඒ බාධාවල් හමාර කිරීමට තීරණ ගෙන ආයෝජනය කරන්න පුළුවන් වාතාවරණයට පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා, මේ රටේ පුනර්ජීවන විදුලිය අපේ විදුලි පද්ධතියට එකතු කරගන්නට.

ලෝකයේ හැම රටක්ම ඒ ක්‍රමවේදයට අද වේගයෙන් පරිවර්තනය වෙන්නේ ඉන්ධන සඳහා වූ දැවැන්ත වියදමත්, ඒ දැරීමට නොහැකිතාවය සමස්ථ ආර්ථිකයේ ඒ සෑම අංශයකටම නිෂ්පාදනයට, සේවාවට සහ සෑම ජන කොට්ඨාසයකටම බලපාන නිසයි. ගරු කතානායකතුමනි, මම කතාව අවසන් කිරීමට මත්තෙන් අපේ රටේ සමස්ථ ජනතාව මුහුණ දෙන ආණ්ඩුක්‍රම පරිවහන ක්‍රමය ගැනත් සඳහන් කළා. මගෙත් එක්ක විරුද්ධ පක්ෂය එකඟ වෙයි. අපි හැරී බැලුවොත් පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවරුන්ට ඉතාම වැදගත් වෙයි.

අපි 1947 ඉඳලා ඩී.එස්.සේනානායක මැතිතුමා පළවෙනි අග්‍රාමාත්‍යතුමා හැටියට පිහිටෙව්වේ හවුල් ආණ්ඩුවක්. හවුල් ආණ්ඩුවක්. අමතක කරන්න බෑ. පසු කාලයකදී ඒ ආණ්ඩුවේ යම් යම් ඇමතිවරු විශේෂයෙන් ම උතුරු ඇමැතිවරු ඉවත් වෙලා ගියා. නමසිය පනස් එකේ ජනාධිපති අග්‍රාමාත්‍යවරයා හැටියට ඩී.එස්.සේනානායක මැතිතුමාගේ බණ්ඩාරනායක අමාත්‍යතුමා සභානායකතුමා පාර්ලිමේන්තුවේ, අයින් වෙලා ගියා. ඒ අනුව අලුත් ආණ්ඩුවක් අතරතුර අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න සිදුවුණා ඩඩ්ලි සේනානායක මැතිතුමාට. ඉක්මනින් මහ මැතිවරණයකට ගියා. එතුමාට ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් දිනා ගැනීමට හැකිවුණත්, එතුමා පනස්තුනේ හර්තාලයේදී ඒ දිනා ගත්ත බහුතර බලය ඇති ආණ්ඩුවක් විදියට තිබුණත්, අගමැතිකමෙන් අස්වෙලා ගෙදර යන්න වුණා. එතුමාගේ කැමැත්තෙන්ම ඉල්ලා අස්වෙලා අර්බුදයට මුණ දෙන්න බැරුව ගෙදර ගියා.

ඒ නිසා මා සඳහන් කරන්නේ සභාග ආණ්ඩු අපේ පාර්ලිමේන්තු ක්‍රමය විසින් නිර්මාණය කරන ලද අප හමුවේ තියෙන අභියෝගයක්. ඒ අභියෝගය ජය ගැනීමට හැකියාව දේශපාලන අත්දැකීම හා පරිණත භාවය හා ආර්ථික යථාර්ථවාභාවයන් එක්ක කටයුතු කිරීම සඳහා වූ අලුත් අලුත් නව ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමයි.


නමසිය පනස් හය ඒ වගේම සභාග ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ විවිධ දේශපාලන මතධාරීන් හිටියා කැපවුණු වැඩපිළිවෙලක ඉදිරියට ගෙනයාමට බැරිවීම නිසා නමසිය පනස් නමය පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම ලෙස පිලිප් ගුණවර්ධන මැතිතුමා, එම්.ඩබ්.එච් ද සිල්වා පළවෙනි නිර්මාණකයෙක් ඒ හවුල් ආණ්ඩුවේ. ඇමති මණ්ඩලයෙන් ඉවත් වී ගියා. අග්‍රාමාත්‍ය ටික කාලයකින් ඝාතනය කරනු ලැබුණා. අග්‍රාමාත්‍යතුමාගේ කැබිනට් මණ්ඩලය වෙන්න හිටපු අය අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා, තාවකාලිකව හදපු ඊළඟ ආණ්ඩුවේ.

එවැනි අස්ථාවර තත්ත්වයන් හරහා හවුල් ආණ්ඩු බිහිවීම අපේ ලක්ෂණයක් වී තිබෙනවා. අපේ මැතිවරණයේ ජනතාව දෙන තීන්දු නිරූපණය වෙන්නෙ පාර්ලිමේන්තුවේ. ඒ නිසා පාර්ලිමේන්තුව හැටියට අප ජනතාව ලබා දී තිබෙන මේ ජනවරම ආර්ථික ස්ථාවර භාවයත්, දේශපාලන ස්ථාවර භාවයත් ඒ වාගේම ආර්ථික ගමනේ රට බලාපොරොත්තු වෙන අනාගතය කරා ගෙනයාමේ විශ්වාසය ජනිත කරන්නට හැකියාව තිබෙන්නට ඕන. ඉන් පස්සෙත් මම ඒ විස්තර කියන්නේ නෑ. 1960 අස්ථාවර ආණ්ඩුවක් හවුල් ආණ්ඩුවක් ඇති කරගන්නට උත්සාහ දැරුවා.

1960 ජූලි මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිනියට සුවිශේෂ ජයග්‍රහණයක් ආවා. නමුත් ආණ්ඩුව ගෙනයන්න බැරි වුණා ලංකාවේ සම සමාජ පක්ෂයේ, කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීවරු එහා පැත්තෙන් මෙහා පැත්තට ගත්තා. ඒ නිසා අතරතුර මේ කිසිම ආණ්ඩුවක් තමන්ගේ ජනවරමේ ආරම්භය මෙන් හැසිරිලා නෑ. ඉන්පස්සෙත් කාරණාව දේශපාලන විචාරකයන්ගේ අවධානය යොමු කරන්නට ඕන නිසයි මම මේ කාරණාව ගත්තේ.

1964 සභානායකතුමා අයින් වෙලා එහා පැත්තට ගියා. ‍ප්‍රවෘත්ති පත්තරවල ඒ දවස්වල ප්‍රශ්නය 1965 ආණ්ඩුව හවුල් ආණ්ඩුවක්. සම්පූර්ණ කාලයක් ගෙවන්නට ඩඩ්ලි සේනානායක මැතිතුමාට පුළුවන්කම ඇතිවුණා. නමුත් ඒත් සභාග ආණ්ඩුවක්. එනිසා සභාග ආණ්ඩු දේශපාලනයේ පාර්ලිමේන්තු අනුගමනය කිරීමේදී ඉතාම ප්‍රවේශමෙන් මන්ත්‍රීවරුන් සහ රටවැසියන් අතර තිබෙන බලාපොරොත්තුත් රට මුහුණ දෙන තත්ත්වයන්ගෙන් ගන්න වෙන තීරණයන්ගෙන් ගැනීමේදී අනුගමනය කර තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ඒ යථාර්ථික පිළිවෙත තුළ අපි රජයක් හැටියට ඒ විශ්වාසය ස්ථාවරව අනුගමනය කරමින් පාර්ලිමේන්තුවට සෑම තීරණයක්ම ඉදිරිපත් කරල තිබෙනවා.”

අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ සහයෝගය, විවේචනය සහ මේ රටේ අනාගතය වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ග ඉදිරියට ගමන් කරවීම සඳහා. අපේ අනාගතය අද ඩිජිටල් තාක්‍ෂණයෙන් සමාජ ප්‍රතිසංස්කරණයන් භෞතික වශයෙන් රටේ කෙරෙන්නට අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් physical infostructures, digital infostructures, social infostructures අනිවාර්ය වෙනස්වීමක් වෙන අනාගතයකට රට ගෙනයා යුතුමයි.

අපි එසේ යන්නට බැරි නම් අපේ රට පසුගාමී රටක් ලෙස මේ ආර්ථික වෙනස්කම්වලට අසල්වැසි රටවල් සියල්ල යොමු වෙනකොට පරිවර්තනය වෙමින් පවතිනවා. එය එසේ ජයගත හැකි ආනාගතයක් යැයි අපි විශ්වාස කරනවා. මම අපේ අමාත්‍යතුමාලාව, කිසිවෙකු විවේචනයට හෝ දෙපාර්තමේන්තුවක් විවේචනයට ලක් වෙන්නේ නෑ. නමුත් අපි වෙනස් විය යුතුයි. නව තාක්ෂණය ගෙනා ආ යුතුමයි. රාජ්‍ය සේවයට ඒ අවශ්‍ය වූ තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය ජයග්‍රහණ ගෙන ආ යුතුමයි.

මේ වගේම අපි බලාපොරොත්තු වෙනවා, අපේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වියදම් අඩු කරගන්නට නම් අපි පුනර්ජීවන තාක්ෂණය ඒකාබද්ධ කර ගත යුතුයි. විදුලි දුම්රියක් දුවන දවස, විදුලි වාහන දුවන දවසට අදට වඩා අඩුවෙන් අපේ විදේශ විනිමය පිටට යවා ගැනීමට පුළුවන් වෙනවා. එසේ නැත්නම් එහෙම වැඩ පිළිවෙලක් සාර්ථක කර ගන්නට ඒ තීරණවලට අපි ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළකට අත්වැල් බැඳගෙන වැඩ නොකළොත් අපි මේ ආකාරයෙන්ම මහා විදේශ විනිමයක් අපෙන් විදේශ කරා ගමන් කිරීමේ දරුණු ප්‍රශ්නයට අපි මුහුණ දෙනවා.

අපේ රටේ එම අනාගතේ සඳහා වූ ගමනට, එම අනාගත විශ්වාසය සඳහා වූ ගමනට අපි රජයක් හැටියට ජනාධිපතිතුමාගේ කැපවීම අද ප්‍රකාශයට පත් කර තිබෙන මේ විවාදයෙන් විවාදයට ලක් කරන අතර ඒ වාගේම එයින් ඔබ්බට තිබෙන ගමන 2024 සඳහා ඒ විශ්වාසය මත ජනතාව තබා තිබෙන වරම අපි සාර්ථක කරගන්නට පාර්ලිමේන්තුවේ සහයෝගය ලබාදීමට අපි බැඳියාව අනාගත ලංකාව වෙනුවෙන්, අනාගත පරම්පරාව වෙනුවෙන් මේ වර්ධනය වෙමින් පවතින ආර්ථිකය යළි දුර්වල කිරීමට පරිවර්තනය නොකර කටයුතු කරමු. “ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?