AFC Banner
Empty Ad
Empty Ad

රනිල්ගේ අනාවැකිය

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 115කට පමණ ඉහල යනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පවුම් දෙකකට ආසන්න ගණනකින් ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි එංගලන්තයද නිවේදනය කර තිබෙන බව කී වික්‍රමසිංහ මහතා ලංකාවට ඉන්ධන හිඟයකට මෙන්ම ඉන්ධන මිල ඉහළ යාමකට ද මුහුණ දීමට සිදුවන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

හිටපු  අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්  සමඟ පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

ආණ්ඩුවේ අසමත්කම හමුවේ ජනතාව දැන් විකල්පයක් සොයමින් සිටින අතර ජාත්‍යන්තරයේ ද උපකාර ලබාගෙන ඉදිරියට යා හැකි විකල්පය එක්සත් ජාතික පක්ෂය බව ජනතාවට තේරුම් කර දිය යුතු යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?