රන් සොරකමේ ගිය පුද්ගලයා තුන්සකරියක් තුළ දී පොලිස් දැලේ පැටලෙයි

රන් භාණ්ඩ සොරකම්වලට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (23) සූරියපොල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසය සඳහන් කළේ මෙම පුද්ගලයා මුතූර් ප්‍රදේශයේ සිදුකළ රන් භාණ්ඩ සොරකම් දෙකක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් බවයි.

ඊයේ (23) උදෑසන සූරියපොල පොලිස් මාර්ග බාධකයේ දී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී එම රථයේ පිටුපස අසුනේ සිටි පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරුකර ගැනීමට නොහැකිව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව සිදුකළ පරික්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් මල්ලක තිබී රන් වළලු 07ක්, මාලයක්, පෙන්ඩනයක්, තැල්ලක්, අත් පළඳනා 03ක්, මුදු 06ක් සහ කරාඹු ජෝඩු 10ක් තිබී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 24 හැවිරිදි වියේ පසුවන තෝපූර් ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු අද (24) දින මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?