රන් සොරකමේ ගිය පුද්ගලයා තුන්සකරියක් තුළ දී පොලිස් දැලේ පැටලෙයි

රන් භාණ්ඩ සොරකම්වලට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (23) සූරියපොල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසය සඳහන් කළේ මෙම පුද්ගලයා මුතූර් ප්‍රදේශයේ සිදුකළ රන් භාණ්ඩ සොරකම් දෙකක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් බවයි.

ඊයේ (23) උදෑසන සූරියපොල පොලිස් මාර්ග බාධකයේ දී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී එම රථයේ පිටුපස අසුනේ සිටි පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරුකර ගැනීමට නොහැකිව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව සිදුකළ පරික්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් මල්ලක තිබී රන් වළලු 07ක්, මාලයක්, පෙන්ඩනයක්, තැල්ලක්, අත් පළඳනා 03ක්, මුදු 06ක් සහ කරාඹු ජෝඩු 10ක් තිබී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 24 හැවිරිදි වියේ පසුවන තෝපූර් ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු අද (24) දින මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36