රන් සංචිත වලට මොකද උනේ…

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන රන් සංචිතයේ වටිනාකම පසුගිය 2021 දෙසැම්බර් මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 206.8 කින් පහළ ගොස් තිබේ.

2021 නොවැම්බර් අවසානයේ දී රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් සටහන්ව ඇති අතර එය 2021 දෙසැම්බර් මාසය අවසානයේ දී ඩොලර් මිලියන 175.4 ක් දක්වා ඒ අනුව අඩු වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.588 සිට ඩොලර් බිලියන 3.137 ක් දක්වා පසුගිය දෙසැම්බර් මාසය තුළ දී වැඩි වී තිබේ.

එහිදී විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 1.014 සිට ඩොලර් බිලියන 2.770 ක් දක්වා වර්ධනය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?