හිටිහැටියේ රන් මිලේ අලුත්ම වෙනස මෙන්න

රුසියා-යුක්‍රේන යුද වාතාවරණය හමුවේ ආසියානු වෙළෙඳපොළේ රන් මිල ඉහළගොස් තිබේ.

ඒ අනුව ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා විය.

එය ඩොලර් 2000.86ක් ලෙස දැක්විණි.

රුසියා-යුක්‍රේන යුද වාතාවරණය නිසා සුරක්ෂිතතාවය හේතුවෙන් ආසියානු වෙළෙඳපොළේ රන් මිල මෙලෙස ඉහළගොස් ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.

මේ අතර ලෝක වෙළෙඳපොළේ අත්පිට රන් ගැණුම් මිල ද ඩොලර් 2000.69 දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

කෙසේ වෙතත් පසුව එම වාර්තා සඳහන් කරන්නේ එම මිල ඩොලර් 1998.38 දක්වා පහත බැස ඇති බවය.

මෙම තත්ත්වය හේතුවෙන් මෙරට වෙළඳපොළේ රන් මිලද ඉහළගොස් තිබේ.

කොළඹ හෙට්ටිවිදිය රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල මේ වනවිට සටහන් ව ඇත්තේ රුපියල් 122,100ක් ලෙසය.

එසේම කැරට් 24 රන් පවුමක මිල 132,000ක් ලෙස දැක්වෙයි.

මෙම වසර ආරම්භයේදී කොළඹ හෙට්ටිවිදිය රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක් 112,900ක් ලෙස වාර්තා වූ අතර කැරට් 24 රන් පවුමක මිල වසර ආරම්භයේදී සටහන් වූයේ රුපියල් 122,000ක් ලෙසටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33