රන් පදක්කම ජයගන්න ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම මේ වනවිට තරග වදිනවා.

චීනයේ Zhejiang තාක්ෂණ විශ්ව විද්‍යාලය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 116ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරිණියක වූ ස්මෘති මන්දනා ලකුණු 46ක් රැස්කළ අතර, ජෙමිමා රොඩ්රිගස් ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ඉන්දීය ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමූ අතර, සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී ද කඩුලු දෙක බැඟින් දවාගත්තා.

ඒ, අනුව මෙම අවසන් මහා තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 117ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ අවසන් මහා තරගය සඳහා පාකිස්ථානය පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත්තා.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබාගත්තේ බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
9
+1
2
+1
1
+1
4
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43