spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන් පදක්කම ජයගන්න ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම මේ වනවිට තරග වදිනවා.

චීනයේ Zhejiang තාක්ෂණ විශ්ව විද්‍යාලය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 116ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරිණියක වූ ස්මෘති මන්දනා ලකුණු 46ක් රැස්කළ අතර, ජෙමිමා රොඩ්රිගස් ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ඉන්දීය ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමූ අතර, සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී ද කඩුලු දෙක බැඟින් දවාගත්තා.

ඒ, අනුව මෙම අවසන් මහා තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 117ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ අවසන් මහා තරගය සඳහා පාකිස්ථානය පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත්තා.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබාගත්තේ බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
9
+1
2
+1
1
+1
4
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?