රන් ආලේපිත T56 කේස් එකට දුමින්ද දිසානායක අද යළිත් අධිකරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (29) පෙරවරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ හිටපු මන්ත්‍රීවරයා ව අධිකරණ සංකීර්ණයට මාංචු දමා රැගෙන ආ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පසුගියදා හැව්ලොක්ස් සිටි සුපිරි මහල් සංකීර්ණයේ කාන්තාවක් සමග ටී56 රන් ආලේපිත ගිනි අවියක් වැල්ලවත්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

පසුව සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව හෙළි වූයේ මෙම ගිනි අවියෙහි හිමිකරු හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක බවයි.

ඊයේ (28) දිනයේ දී දුමින්ද දිසානායක මහතා ව බන්ධනාගාර රෝහලේ සිට විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය පරීක්ෂාවෙන් පසුව බරපතළ තත්ත්වයේ කිසිදු අසනීපයක් නොමැති බව දැන්වූ පසු සැකකාර මන්ත්‍රීවරයා ව යළිත් මැගසින් බන්ධනාගාරයට මාරු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26