රතු රසදිය අඩංගු යැයි පෙන්වූ සිලින්ඩරයක් ලක්ෂ 200ක මිලකට අලෙවි කිරීමේ තැත වරදියි

රුපියල් කෝටි 900ක් පමණ වටිනා බව පවසමින් රුපියල් ලක්ෂ 200ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ රතු රසදිය අඩංගු බවට සඳහන් සිලින්ඩරයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කරන ලද සබ්මැරීන්වල තාක්ෂණය සඳහා යොදාගත් රතු රසදිය අඩංගු සිලින්ඩරයක් ඇති බවත්, එය මිල දී ගෙන පසුව ඉන්දියානු ධන කුවේරයෙකුට විශාල මුදලකට අලෙවි කිරීමට හැකි බවත් පානදුර ව්‍යාපාරිකයකුට දන්වා රැගෙන ආ සිලින්ඩරය අලෙවි කිරීමට සූදානම් වීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අඩි දෙකහමාරක් පමණ උසැති රතු රසදිය අඩංගු බව කියන සිලින්ඩරය සමග ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගැනුණා.

පොලිස් භාරයට ගත් සිලින්ඩරයේ රතු රසදිය බවට සඳහන් ද්‍රාවණය පරීක්ෂා කිරීමේ දී තිරුවානා, ග්‍රැනයිඩ් කළුගල් සහ වෙනත් පාෂාණයන් අඩංගු මිශ්‍ර ද්‍රව්‍යයක් තිබූ බව ද සඳහන් වනවා.

එම සිලින්ඩරය රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට නියමිත යි.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40