Empty Ad
AFC Banner
Empty Ad

රතු රසදිය අඩංගු යැයි පෙන්වූ සිලින්ඩරයක් ලක්ෂ 200ක මිලකට අලෙවි කිරීමේ තැත වරදියි

රුපියල් කෝටි 900ක් පමණ වටිනා බව පවසමින් රුපියල් ලක්ෂ 200ක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ රතු රසදිය අඩංගු බවට සඳහන් සිලින්ඩරයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කරන ලද සබ්මැරීන්වල තාක්ෂණය සඳහා යොදාගත් රතු රසදිය අඩංගු සිලින්ඩරයක් ඇති බවත්, එය මිල දී ගෙන පසුව ඉන්දියානු ධන කුවේරයෙකුට විශාල මුදලකට අලෙවි කිරීමට හැකි බවත් පානදුර ව්‍යාපාරිකයකුට දන්වා රැගෙන ආ සිලින්ඩරය අලෙවි කිරීමට සූදානම් වීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අඩි දෙකහමාරක් පමණ උසැති රතු රසදිය අඩංගු බව කියන සිලින්ඩරය සමග ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගැනුණා.

පොලිස් භාරයට ගත් සිලින්ඩරයේ රතු රසදිය බවට සඳහන් ද්‍රාවණය පරීක්ෂා කිරීමේ දී තිරුවානා, ග්‍රැනයිඩ් කළුගල් සහ වෙනත් පාෂාණයන් අඩංගු මිශ්‍ර ද්‍රව්‍යයක් තිබූ බව ද සඳහන් වනවා.

එම සිලින්ඩරය රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට නියමිත යි.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?