AFC Banner
Empty Ad
Empty Ad

රතු මුහුදට ගිය ශ්‍රී ලංකා නෞකා ගැන විපක්ෂ නායකට ප්‍රශ්නයක්

නාවික හමුදාවට අයත් යාත්‍රාවක් යේමනයේ පිටුබලය ලබන හවුති කැරලිකරුවන් වෙළඳ යාත්‍රාවලට එල්ල කරන ප්‍රහාර වැළැක්වීම සඳහා රතු මුහුදේ යෙදවීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද පාර්ලිමේන්තුවේදී පැහැදිළි කළා.

ඒ විපක්ෂ නායකවරයා විසින් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

රුපියල් මිලියන 250කට නාවික හමුදාවට අයත් යාත්‍රාවක් රතු මුහුදේ යෙදවීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කනස්සල්ල පළ කළා.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු ප්‍රශ්න කළේ හවුති කැරලිකරුවන්ට එරෙහිව මෙහෙයුම්වල නිරත වීමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්නයි.

විශේෂයෙන්ම රට පුරා විරැකියාව බහුලව පවතින අවස්ථාවක සහ කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්තකරුවන් සියලු දෙනාම අනතුරට ලක්ව ඇති අවස්ථාවක, මෙතරම් විශාල මුදලක් වියදම් කිරීමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද යන්න ඔහු ප්‍රශ්න කළා.

විපක්ෂ නායකවරයාට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙම කරුණ ඇමරිකාවට හෝ ඊශ්‍රායලයට සම්බන්ධ දෙයක් නොවන බවත්, හවුති කැරලිකරුවන් විසින් වෙළඳ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ බලපෑම් හමුවේ ගත් පියවරක් බවයි.

ශ්‍රී ලංකාවට එන වෙළෙඳ යාත්‍රා රතු මුහුද මඟහැර දකුණු අප්‍රිකානු වෙරළ තීරය භාවිත කළහොත් එය භාණ්ඩ මිලෙහි දැඩි වැඩිවීමකට හේතු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළා.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාන බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්, ඒ සඳහා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් යෙදවීම සඳහා රජයෙන් විශේෂ වියදමක් නොදරන බව ද පැහැදිලි කළා.

ශ්‍රී ලංකාව අවට ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය, මිනිස් සහ ආයුධ ප්‍රවාහනය වැලැක්වීමේ මෙහෙයුම්වල කොටසක් ලෙස මෙවැනිම යාත්‍රා යෙදවීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?