AFC Banner
AFC Banner
Empty Ad

රත්මලානේ සිඟිති අයිස් සමඟ අල්ලයි

රත්මලානේ ‘සිඟිති’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 7ක් බවට සැක කෙරෙයි.

සැකකාරිය 40 හැවිරිදි තැනැත්තියකි.

ඇය විදේශගතව සැඟව සිටින බවට විශ්වාස කෙරෙන කුඩු අංජුගේ ඥාතියෙක් බවයි වාර්තා වන්නේ.

රත්මලාන දුම්රියපොළ ආසන්නයේ දී පසුගිය අගෝස්තු මාසයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණු අතර එලෙස ඝාතනය වූ රත්මලානේ ‘මස් කඩේ කලුවා’ නම් පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරිය ලෙස ද මෙම කාන්තාව හඳුනාගෙන ඇති බවද පොලීසිය පවසනවා.

මෙම වැටලීම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?