රත්නපුර ශීක්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 166 දෙනෙකුට ඩෙංගු රෝගය ආසාදනය වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පවසනවා.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජනවාරි මාසයේ සිට අප්‍රේල් 25 වනදා දකවා ඩෙංගු රෝගීන් 1,465 දෙනෙක් වාර්තා වී ඇති බවයි.
ඒ, අතරින් රෝගීන් 300 දෙනෙකු වාර්තා වී ඇත්තේ ගත වූ දින 10 ඇතුළත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ හේතුවෙන් 2පදුගිය 3 වනදා සිට සබරගමු පළාත් ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු කාර්ය සාධක බලකායක් පිහිටුවා; ඩෙංගු දෙසතියක් නම් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
මේ අතර රත්නපුර රෝහල ආසන්නයේ අලුතෙන් ඉදිවෙන වෛද්‍ය පීඨයේ ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවීමට තෝතැන්නක් වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 14,600 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර; කොළඹ, ගම්පහ, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා.





