රත්නපුර රෝහලේ කාර්ය මණ්ඩලයේ 166 දෙනෙකුට ඩෙංගු

රත්නපුර ශීක්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 166 දෙනෙකුට ඩෙංගු රෝගය ආසාදනය වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පවසනවා.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජනවාරි මාසයේ සිට අප්‍රේල් 25 වනදා දකවා ඩෙංගු රෝගීන් 1,465 දෙනෙක් වාර්තා වී ඇති බවයි.

ඒ, අතරින් රෝගීන් 300 දෙනෙකු වාර්තා වී ඇත්තේ ගත වූ දින 10 ඇතුළත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් 2පදුගිය 3 වනදා සිට සබරගමු පළාත් ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු කාර්ය සාධක බලකායක් පිහිටුවා; ඩෙංගු දෙසතියක් නම් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අතර රත්නපුර රෝහල ආසන්නයේ අලුතෙන් ඉදිවෙන වෛද්‍ය පීඨයේ ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවීමට තෝතැන්නක් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 14,600 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර; කොළඹ, ගම්පහ, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18