රත්‍රං යැයි සැකකරන කුඩා බෝල 770 ක් සහ මැණික් බව කියන කුඩා ගලක් තම සන්තකයේ තබා සිටි පුද්ගලයෙකුව සහ පොලිස් අත්අඩංගුවට පත් එම පුද්ගලයාව අල්ලස් දී මුදා ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකුව මාවතගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 12 වැනිදා සවස මාවතගම පොලීසියේ නිලධාරීන් පිරිසක් කුරුණෑගල – නුවර ප්‍රධාන මාර්ගයේ උරමාරකඩ මංසන්ධියේ රථ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිට ඇත.සැකකටයුතු ත්‍රී රෝද රථයක් උරමාරකඩ මංසන්ධියට ආසන්නයෙන් මාර්ගයේ නවතා තිබෙන බව රථ වාහන රාජකාරියේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරීන්ට දැන ගන්නට ලැබී ඇත.ඒ අනුව රථ වාහන රාජකාරියේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරීන් විසින් අදාල ත්‍රී රෝද රථය වෙත ගොස් එය පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.
එම ත්‍රී රෝද රථයේ සිටි පුද්ගලයෙකුව පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රත්‍රං වලට සමාන කුඩා බෝල 770 ක් සහ ග්‍රෑම් 28 ක් බරැති කුඩා මැණික් යැයි සැක කළ හැකි ගලක් සොයා ගැනීමට හැකිවී ඇත.එම කුඩා බෝල සහ මැණික් ගල නිධානයකින් ලබා ගත් ඒවා බව ත්‍රී රෝද රථයේ සිටි පුද්ගලයා පොලීස් නිලධාරීන්ට පවසා ඇත.ඒ අනුව සැකපිට ත්‍රී රෝද රථය තුළ සිටි උඩුදුම්බර – දෙනපිටිය පදිංචිකරුවෙකුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමගම එම ස්ථානයට පැමිණ ඇති පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා මුදා හරින ලෙසත් ඒ වෙනුවෙන් තමන් රුපියල් 1,50,000 ක මුදලක් ලබා දීමට සුදානම් බවත්ය.අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මුදා ගැනීමේ අරමුනින් පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සාහ කිරීමේ චෝදනාව මත එම සැකකරුවද මාවතගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.එම සැකකරු කටුගස්තොට – ගලහා පාර පදිංචිකරුවෙකි.
තමන් සතුව තිබූ රත්‍රං වලට සමාන බෝල සහ මැණික් යැයි කියන ගල කිසියම් පුද්ගලයෙකුට අලවි කිරීම සදහා සැකකරුවන් මහ මග රැදී සිටින්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.
සැකකරුවන් සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇත්තේ සත්‍ය ලෙසම රත්‍රං සහ මැණික්ද යන්න සම්බන්ධයෙන්ද,සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව ඒවා නිධානයකින් ලබා ගත් බව කියන කරුණ පිළිබවද විමර්ශණ කටයුතු සිදු කරන බව මාවතගම පොලීසිය කියයි.
සැකකරුවන් පිලැස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.




