රතන හිමිගේ අපේක්ෂිත ඇප අයදුම්පත ඉවත දමයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පැහැරගැනීමක් සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සෝදිසි කිරීමක් ආරම්භ කර තිබූ පසුබිමක මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වෙඩිහිගම විමලතිස්ස හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, උන්වහන්සේ කියා සිටින්නේ 2020 මැතිවරණයෙන් පසු රතන හිමියන්ට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට හැකි වූයේ තමන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඊට අත්සන ලබා ගත් නිසා බවයි.

රතන හිමියන්ට අපේක්ෂිත ඇප ලබාදීමට විශේෂ හේතු නොමැති බව අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කළ අතර ඒ අනුව අපෙක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අවශ්‍ය නම් භික්ෂුවට අධිකරණයට භාර වී පසුව අත්අඩංගුවට ගතහොත් ඇප ලබාගත හැකි බව ද අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය පසුගිය දින දෙකේ දී රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා ස්ථාන කිහිපයක් සෝදිසි කර ඇති අතර, සෝදිසි මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
19
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40