රණක්‍ෂිතයට පත්ව සිටින බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකුට උසස්වීම්

ක්‍රියාන්විතයේ දී තුවාල ලබා රණක්‍ෂිතයට පත්ව සිටින බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට නිලයට උසස් කර තිබෙනවා.

ඔවුන්ගේ සේවය අගයමින් සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම උසස්වීම් පිරිනමා ඇති බවයි ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ.

ඊයේ (10) දිනට දී තිබූ 76 වන යුද්ධ හමුදා දින සැමරුමට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සමිපත් තුයියකොන්තා සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් සිදුකළ නිර්දේශය මතයි මෙම උසස්වීම් පිරිනමා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
6
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?