රට වටෙන්ම මතුවන අලුත් කොවිඩ් පොකුරු ගැන හමුදාපතිගෙන් අනතුරු ඇඟවීමක්

තුන්වැනි කොවිඞ් රැල්ල ආරම්භ වූයේ අලුත් අවුරුදු සමයේදී ජනතාව වගකීම් විරහිතව කටයුතු කළ නිසා බවත් එය සිහියේ තබාගෙන වගකීම් සහගතව කටයුතු කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසනවා.

මංගල උත්සව සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත්, මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළහොත් මඟුල් පොකුරු රට වටෙන්ම මතුවීමේ අවදානමක් මතුව ඇති බවත් ඔහු අවධාරණය කරනවා. මංගල උත්සව සඳහා සහභාගි වීමට ලබා දී ඇති 150 උපරිම සීමාව ඉක්මවා යමින් කොළඹින් පිට පළාත්වල මංගල උත්සව මහා පරිමාණයෙන් පවත්වන බවට දැන ගන්නට ඇතැයි ද යුද හමුදාපතිවරයා පෙන්වා දෙනවා.

මංගල උත්සව අද සිට පරීක්ෂාවට

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ සෞඛ්‍ය නීති කඩකරමින් මංගල උත්සව පවත්වන පුද්ගලයන් සහ මංගල උත්සව ශාලා හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පවරන බවයි.

රට පුරා සියලුම මංගල උත්සව අද සිට පරීක්ෂාවට ලක් කරන බවද හෙතෙම සඳහන් කළා.

සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන බවට ඡායාරූපද සමග ලැබුණු තොරතුරු අනුව රටපුරා මංගල උත්සව රාශියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය දිනවල පරික්ෂා කළ බවත් එම උත්සව නිසි සෞඛ්‍යය පිළිවෙත් අනුව පවත්වාගෙන ගොස් නොතිබූ බව ඒ පරීක්ෂාවන්හිදී පෙනී ගිය බවත් ඔහු සඳහන් කළා.

මේ ආකාරයට මංගල උත්සව පැවැත්වුවහොත් ඒ උත්සව ආශ්‍රිතව කොවිඩ් පොකුරු ඇතිවිය හැකි බවත් ඔහු අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51


?