රට වටෙන්ම මතුවන අලුත් කොවිඩ් පොකුරු ගැන හමුදාපතිගෙන් අනතුරු ඇඟවීමක්

තුන්වැනි කොවිඞ් රැල්ල ආරම්භ වූයේ අලුත් අවුරුදු සමයේදී ජනතාව වගකීම් විරහිතව කටයුතු කළ නිසා බවත් එය සිහියේ තබාගෙන වගකීම් සහගතව කටයුතු කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසනවා.

මංගල උත්සව සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත්, මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළහොත් මඟුල් පොකුරු රට වටෙන්ම මතුවීමේ අවදානමක් මතුව ඇති බවත් ඔහු අවධාරණය කරනවා. මංගල උත්සව සඳහා සහභාගි වීමට ලබා දී ඇති 150 උපරිම සීමාව ඉක්මවා යමින් කොළඹින් පිට පළාත්වල මංගල උත්සව මහා පරිමාණයෙන් පවත්වන බවට දැන ගන්නට ඇතැයි ද යුද හමුදාපතිවරයා පෙන්වා දෙනවා.

මංගල උත්සව අද සිට පරීක්ෂාවට

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ සෞඛ්‍ය නීති කඩකරමින් මංගල උත්සව පවත්වන පුද්ගලයන් සහ මංගල උත්සව ශාලා හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පවරන බවයි.

රට පුරා සියලුම මංගල උත්සව අද සිට පරීක්ෂාවට ලක් කරන බවද හෙතෙම සඳහන් කළා.

සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන බවට ඡායාරූපද සමග ලැබුණු තොරතුරු අනුව රටපුරා මංගල උත්සව රාශියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය දිනවල පරික්ෂා කළ බවත් එම උත්සව නිසි සෞඛ්‍යය පිළිවෙත් අනුව පවත්වාගෙන ගොස් නොතිබූ බව ඒ පරීක්ෂාවන්හිදී පෙනී ගිය බවත් ඔහු සඳහන් කළා.

මේ ආකාරයට මංගල උත්සව පැවැත්වුවහොත් ඒ උත්සව ආශ්‍රිතව කොවිඩ් පොකුරු ඇතිවිය හැකි බවත් ඔහු අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15