කොරෝනා වසංගතය හමුවේ මැද පෙරදිග ඇතුළු විදේශයන්හි විවිධ රැකියාවන් වල නිරත ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වාගැනීම සඳහා පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන 10 ක නොමිලේ නිරෝධායන පහසුකම් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.
ඒ සඳහා ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ අනුමැතිය හිමිව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම එමගින් එක් වරකට 571 දෙනකුට නිරෝධායන පහසුකම් සැපයේ.
මෙහි දී හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.

ලොව පුරාම ලංකාවට එන්න බලාගෙන සිටින ගණන 50000 පමණ වෙනවා මේ අ ය සති 2 නිරෝදානයට යොමු කලොත් මසකට 1040 ක් සතියක් පමණක් නිරෝදානය කලොත් 2080ක් වේ. මේ අනුව සති දෙක බැගින් සිටින්න නියම කිරීමෙන් වසර 4 ගත වෙන අතර සතියක් පමණක් නිරෝදානය කරන්න තීරණය කලොත් මුළු විදේශිකයන් ගෙන්වා ගන්න වසර 2 කාලයක් ගත වේ….. නියම වැඩේ…….
සියලුම රට වැසියන් ඇත්තටම තමන්ගෙ රජයෙන් බලාපොරොත්තු වෙනෙ මේ විදියෙ වැඩ පිලිවලක් තමයි නමුත් අපෙ රජය ගැනනම් මේ දේ සත්ත්‍යක් කියලා විස්වාස කරන්ඩ අමාරැයි??? මේ දේ වෙනවනම් රටවිරැවන් ගොඩක් සතුටුයි!!!🤔🤔🤔