රට මේ තත්ත්වෙට පත් කළේ රාජ්‍ය සේවකයන්

“තම තමන්ගෙන් රටට සිදු කළ හැකි සේවය නිසි ලෙස තේරුම්ගෙන කටයුතු කර රට ගොඩනැගිය හැකියි. මොනදේ කළත් පාර්ලිමෙන්තුවේ සිටින 225 දොස් නගනවා .ඒ දේවල්වල වගකිම බාර ගන්නවා.

නමුත් රට මේ තත්වයට පත් විමට රාජ්‍ය සේවය සහ ජනමාධ්‍යද වගකිව යුතුයි” යැයි ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක/මාතලේ දිසා පාර්ලිමෙන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.

එ් මහතා මේ ප්‍රකාශ කළේ රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරිමේ වැඩ සටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, යටවත්ත හා මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 2020/2021 වර්ෂවලදී බදවා ගන්නා ලද උපාධිධාරි අභ්‍යාසලාභීන් 1326නෙකු සදහා ස්ථිර පත්විම් ලිපි ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

එම උත්සවය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

“හොදක් අහන්න නම් මැරෙන්නම ඕන රටක්. වැඩක් කරලා හොදක් ඇහැව්වේ කව්ද මේ රටේ?

නිදහස් අධ්‍යාපන පනත හදපු කන්නන්ගර මහත්තයා ඡන්දෙන් පරද්දලා ගේදර යවපු රටක් මේක. ප්‍රථම වතාවට නැව් රජයට ගත්තු P.B කලුගල්ල මහත්තයාට නැව් හොරා කියලා නම දාපු රටක් මේක. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙනාව සිරිමාවෝ මැතිණිය බිංදු කුමාරි කරලා ඉඩම් හොරා කියපු රටක් මේක.

මහවැලිය හදපු ගාමිණි දිසානායක මහත්තයට ලැබුන නම්බු නාමය තමයි මහවැලි හොරා කිව්වා. යුද්දය දිනපු අධි වේගි මාර්ග හදපු මහින්ද මහත්තයට ලැබුන නම්බුනාමය තමයි මහින්ද හොරා. අනගාරික ධර්මපාල තුමාගේ පිළිරු හන්දි හන්දි ගානේ හදලා අද සැමරුම් ගුණ කතන මාසේන් මාසේට තියෙනවා.

හැබැයි ජිවත් වෙලා ඉන්නකොට රටත් දාලා ගියා එතුමා.

මේ වන විට ලංකාවේ වසම් දාහතරදහසක් තියනවා.

ඒ හැම වසමකට නිලධාරින් ඉන්නවා.නි ලධාරින් හැත්තැදහසක් පමණ මුලු පිරිස ඉන්නවා. ඔවුන්ගේ නිසි කාර්යභාරය ඉටු වුනානම් මේ තරම් ප්‍රශ්න තියන්න පුළුවන්ද? ප්‍රශ්න සියයට 50ක් විසදන්න පුළුවන්. වසර 73ක් තිස්සේ රට කරවපු පිරිසට මුහුණුපොතින් බණිනවා. නමුත් තමන්ගෙන් රටට විය යුතු සේවය නිසි ලෙස ඉටු වුවාද කියන එක ප්‍රශ්නයක්.

අද වන විට විදේශ රටවල් වලට සේවය සදහා තරුණ පිරිස් රට යනවා කියලා දොස් කියනවා.

නමුත් රට ගිහින් විර්‍ශාම වැටුප් සහ වරප්‍රසාද ඉල්ලන්නේ නැහැ. අපේ රටේ රාජ්‍ය සේවයට ඇවිත් ඒ සියල්ල ඉල්ලනවා .මේ දේවල් වෙනස් විය යුතුයි. උපාධිය කියන්නේ අධ්‍යාපනය මනින මිම්මක් .ජිවිතය පිළිබදව උපාධිය හැදැරිය යුතුයි.

  1. අධිවේග මාර්ග හදලා හොරකම් කරා නම් හොරා තමයි යකෝ 😂
    මොන මගුලක්ද මූ කියන්නේ. හොරකම් කරේ නැත්තම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ 😂

    ඇටෙත් එක්කම පලාගත්තනම් තමයි වටින්නේ ❤️😂



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40