AFC Banner
Empty Ad

රට බංකොලොත් වූ හැටි මහ බැංකු අධිපති කියයි

2020 වසරේ සිට පොලී අනුපාතය සහ විනිමය අනුපාතය පාලනය නොකර එකම අගයක පවත්වාගෙන යෑම තුළ රට බංකොලොත් වූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි කිරීම වෙනුවෙන් අද පැවැති දේශනයකදී ඔහු පැවසුවේ ආර්ථික වර්ධන වේගය ස්ථාවර නොවීම කෙරෙහි මෙය බලපෑ බවයි.

විනිමය අනුපාතය 203ක අගයක පවත්වාගෙන යෑම තුළ මෙරට සංචිත අවසන් වූ බවත් ඒ හේතුවෙන් රට බංකොලොත් වූ බවත් ආචාර්ය නන්දලාල් පවසනවා.

” 5%ට පොලී අනුපාතය අඩු වෙනකොට හැමෝම අඩු පොලියට ණය අරගෙන අද හිරවෙලා ඉන්නවා.මේක වෙනස් කළ යුත්තේ ඇයි කියන එකට මේක හොඳම සාධකයක්.මේ රටේ ලොකුම ණයකරු එක්කො රජය,නැත්තම් රජය සතු සංස්ථා,රටේ ණය ගන්න අය වැඩියි ඉතුරු කරන අයට වැඩිය,විදේශ විනිමය වියදම් කරන අය වැඩියි, උපයන අයට වැඩිය,ජනමත විචාරණයක් තිබ්බොත් බහුතරය කියන්නේ විනිමය අනුපාතය 203 තියාගන්න කියලා,හැබැයි මහ බැංකුව ගන්නේ ජනප්‍රිය තීරණ නෙමෙයි..හරි තීරණ.”යනුවෙන් ඔහු පැවසීය.

නව බැංකු පනත යටතේ ප්‍රධාන අරමුණක් ලෙස මුදල් පාලනය සදහා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ක්‍රියාත්මක වන බවත් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, ඒජන්සි කළමනාකරණය සඳහා පාලක මණ්ඩලය ක්‍රියාත්මක වන බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?