රට බංකොලොත් වූ හැටි මහ බැංකු අධිපති කියයි

2020 වසරේ සිට පොලී අනුපාතය සහ විනිමය අනුපාතය පාලනය නොකර එකම අගයක පවත්වාගෙන යෑම තුළ රට බංකොලොත් වූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි කිරීම වෙනුවෙන් අද පැවැති දේශනයකදී ඔහු පැවසුවේ ආර්ථික වර්ධන වේගය ස්ථාවර නොවීම කෙරෙහි මෙය බලපෑ බවයි.

විනිමය අනුපාතය 203ක අගයක පවත්වාගෙන යෑම තුළ මෙරට සංචිත අවසන් වූ බවත් ඒ හේතුවෙන් රට බංකොලොත් වූ බවත් ආචාර්ය නන්දලාල් පවසනවා.

” 5%ට පොලී අනුපාතය අඩු වෙනකොට හැමෝම අඩු පොලියට ණය අරගෙන අද හිරවෙලා ඉන්නවා.මේක වෙනස් කළ යුත්තේ ඇයි කියන එකට මේක හොඳම සාධකයක්.මේ රටේ ලොකුම ණයකරු එක්කො රජය,නැත්තම් රජය සතු සංස්ථා,රටේ ණය ගන්න අය වැඩියි ඉතුරු කරන අයට වැඩිය,විදේශ විනිමය වියදම් කරන අය වැඩියි, උපයන අයට වැඩිය,ජනමත විචාරණයක් තිබ්බොත් බහුතරය කියන්නේ විනිමය අනුපාතය 203 තියාගන්න කියලා,හැබැයි මහ බැංකුව ගන්නේ ජනප්‍රිය තීරණ නෙමෙයි..හරි තීරණ.”යනුවෙන් ඔහු පැවසීය.

නව බැංකු පනත යටතේ ප්‍රධාන අරමුණක් ලෙස මුදල් පාලනය සදහා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ක්‍රියාත්මක වන බවත් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, ඒජන්සි කළමනාකරණය සඳහා පාලක මණ්ඩලය ක්‍රියාත්මක වන බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28