spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට පුරාම ඉන්ෆ්ලුවෙන්සා වේගයෙන් පැතිර යයි

මේ දිනවල රට පුරාම ඉන්ෆ්ලුවෙන්සා හා සමානවම රෝග ලක්ෂණ සහිත වෛරසයක් පැතිර යමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙම රෝගය ඉතාමත් ඉක්මනින් බෝවිය හැකි අතර සෙම්ප්‍රතික්ශ්‍යාව,කැස්ස සහ උණ,මෙහි රෝග ලක්ෂණ වන අතර නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් රෝගය හා සංසන්ධනය කිරීමේදී පැතිර යන මෙම රෝගයෙන් සංකුලතා ඇතිවීම අවම අතර අප ක්‍රියා කල යුත්තේ රෝගය බෝවීම වලක්වා ගැනීම බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

රෝගයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ පැළඳීම සහ නිතර දෑත් පිරිසිදු කර ගැනීම කල යුතු බව එතුමා වැඩි දුරටත් කියා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?