රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කළ සැමට අගමැතිගෙන් තුති

රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමටත්, සාරධර්ම ආරක්ෂා කිරීමට සහ අපගේ ජීවන රටාව ආරක්ෂා කිරීමට උරදුන් සියලුම දෙනාට තමන් සැමවිටම කෘතඥ වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය දා (17) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යුද ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලින් පෝෂණය වූ ශ්‍රී ලංකාව සාමය, දයාව සහ ශාන්තිය විශ්වාස කරන බවත්, රටේ හමුදාවන් ඕනෑම විටක රට වෙනුවෙන් අන්තිම යුතුකම පවා ඉටු කිරීමට සූදානම් බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙම අවස්ථාව සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?