රටේ නායකයින් ගැන මල්වතු නා හිමිට සැකයක්

රටට, ජාතියට අවංකවම ආදරය කරන නායකයින් මේ රටේ සිටී ද යන්න පිළිබඳව සැකයක් පවතින බව මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල නා හිමියන් පවසනවා.

උන්වහන්සේ මුණගැසීමට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් අද (28) මල්වතු විහාරයට පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මල්වතු නා හිමියන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් රටේ වෙනසක් පතා මෙන්ම වංචා දූෂණවලට එරෙහිව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තමන් වහන්සේගේ ආශිර්වාදය හිමිවන බවයි.

ඔවුන් සඳහන් කරන ආකාරයෙන් රටට ජනතාවට අවංකවම හිතැති දේශපාලඥයින් හෝ පුද්ගලයින් සොයාගැනීම ඉතා අසීරු
කටයුත්තක් බවත්, මේ බහුතරයක් දේශපාලනඥයින් බලයට පැමිණීමට පෙර පැවසූ දේ බලයට පැමිණි පසු අමතක කරන බවත් උන්වහන්සේ මෙහිදී පවසා සිටියා.

රටට ආදරය කරන කෙනෙක් රටේ පාලනයට අවශ්‍ය බව රටේ ජනතාවගේ මූලික ඉල්ලීමක් වී ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී සිවිල් ක්‍රියාකාරීන් නාහිමි හමුවේ සඳහන් කළේ එවැනි පුද්ගලයකු ජනපතිවරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සැලසුම් සහගතව වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13