රටේ ආර්ථිකය ගැන හෙළිදරව්වක්

මෙරට නිල සංචිත හා වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587ක් ලෙස මෙම වසරේ නොවැම්බර් මාසය වන විට පැවතුන බවත් එයින් ඇමරිකානු ඩොලර් මිලියන 382.2 රත්‍රන් සංචිත බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කර සිටිනවා.

අමාත්‍යාංශ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයේදී ඉන්දන මිලදී ගැනීම සඳහා අවශ්‍ය එකඟතාවය මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂද මිලදී ගැනීම සඳහා වූ මූල්‍ය පහසුකම් සඳහා එළැඹිමට කටයුතු කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

“නොවැම්බර් මාසය වන විට මෙහෙම තමයි අපේ සංචිත තිබෙන්නේ. නිල සංචිත හා වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587යි. විදේශ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1009.5යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 67යි. විශේෂ ගැනුම් හිමිකම් ඇමරිකානු ඩොලර් මිලියන 127.2යි. රත්‍රන් ඇමරිකානු ඩොලර් මිලියන 382.2යි. අනෙකුත් සංචිත ඩොලර් මිලිය 1.1යි.

දැන් මේ සංචිත වැඩි කරගන්න අපි කටයුතු කර ගන්න ඔ්නී. මේ පවතින කෝවිඩ් 19 වසංගත තත්ත්වය තුල මේ අපේ රටට විතරක් ඇතිවුනු බලපෑමක් නෙවෙයි මේක. මේ ගොඩනැගුනු ආර්ථිකයට පාස්කු ඉරිද ප්‍රහාරයත් සමග බරපතල ප්‍රශ්නයක් ඇති වුනා. 2015 සිට පැවති යහපාලන ආණ්ඩුවේ දුර්වලතාවයක් නිසා ක්‍රමානුකූලව අපි දැක්කා ආර්ථික වර්ධන වේගය කඩා වැටෙනවා. ඊලගට ම්ලේච්ච ප්‍රහාරයක් එල්ල වුනා.

ඒක දැනගෙන හිටිය ප්‍රහාරයක්. වලක්වා ගත්තේ නෑ ඒ ආණ්ඩුව. ඒ අනුව ඒ කඩාගෙන වැටීගෙන ආපු ආර්ථික වර්ධන වේගය තවත් බරපතල විදියට කඩාගෙන වැටෙනවා. ඊලගට 2019දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට භාරගෙන 2020 අවුරුද්ද වන විට අපේ රටේ පළවෙනි ලොක්ඩවුන් එක එනවා. ඒ අනුව මේ ආර්ථිකයට සිදුවන බලපෑම අපි කළමණාකරනය කරන්න අපේ නිල විදේශ සංචිත ප්‍රමාණය පාවිච්චි කළා.

මේ සංචිත භාවිතා කරද්දි අද වන විට කෝවිඩ් මර්දනය සඳහා අපි කොහොමද කියලා අපි රටට කියන්න ඔ්නී. කෝවිඩ් මර්දනයට ඒ ඒ අමාත්‍යාංශ වියදම් කරපු මුදල් වලට අමතරව ඍජු වශයෙන් 2020 වසරේදී රුපියල් බිලියන 135ක් වියදම් කරලා තිබෙනවා. 2021 මේ දක්වා රුපියලි බිලියන 221ක මුදලක් අපි රජය ලෙස කෝවිඩ් මර්දනයට වියදම් කරලා තිබෙනවා.

අපේ සංචිත ප්‍රමාණය ඉදල දැමීම සඳහා පියවර අරගෙන තිබෙනවා. ප්‍රධාන පියවර කිහිපයක් කියන්න කැමතියි. මැද පෙරදික කාටාර් රාජ්‍යයේ මහ බැංකුව සහ අපේ මහ බැංකුව සමග ඇමරිකානු ඩොලර් බිලියන එකකට වඩා වැඩි ප්‍රමාණයක විදේශ විනිමය හුවමාරු පහසුකම් වලට එළැඹීමට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම සාක් මුල්‍ය පහසුකම් යටතේ ඉන්දියානු සංචිත බැංකුව සමග ඇමරිකානු ඩොලර් මිලියන 400ක විදේශ විනිමය හුවමාරු පහසුකම් අපි ලබාගෙන තිබෙනවා.

ඒකාබද්ධ ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 300ක ප්‍රමාණයක් මේ වන විට ලබා ගන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම වානිජ බැංකු අතර ඇමරිකාණු ඩොලර් මිලයන 500ක විදේශ විනිමය හුවමාරු පහසුකම් වලට අපි එළැඹීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරලා තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ සංචාරය අවසානයේදී ඉන්දන මිලදී ගැනීම සඳහා අවශ්‍ය එකඟතාවයත්, අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂද මිලදී ගැනීම සඳහා වූ මූල්‍ය පහසුකමටත් අපි එළැඹිමට නියමිතයි. ඒ වගේම අපිට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ මූල්‍ය ආයතනත් අපිට සහයෝගය දැක්වීමට මේ වන විට කටයුතු කරලා තිබෙනවා.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26