රටේ අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වන්න ඉන්දියාවේ උපත්පාලන කොපු නිෂ්පාදන සමාගමකට පවරලා ?

රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඉන්දීය සමාගමක් එක්ව අත්සන් කිරීමට සැරසෙන අවබෝධතා ගිවිසුම පිළිබඳ ව වහාම රටට හෙළි කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

සභාපතිවරයා පවසන්නේ අදාළ ගිවිසුම්ගත වීමට සැරසෙන ඉන්දීය සමාගම උපත් පාලන කොපු නිෂ්පාදනය කරන සමාගමක් බවටයි.

අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජය සමග ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට ඇති බව පසුගිය ජූලි මස 23 වන දා වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් නිකුත් කරන ලද කැබිනට් පත්‍රිකාවෙන් පෙන්නුම් කෙරෙන බවයි සභාපතිවරයා පැවසුවේ.

අඩු මිලට ගුණාත්මක ඖෂධ අඛණ්ඩව ගෙන ඒම සඳහා ඉන්දියානු ජන ඖෂධ යෝජනා ක්‍රමය හරහා කටයුතු කිරීමට ගෙන ඇති පියවර තමන් විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ සඳහන් කරන ලද ප්‍රතිකර්මයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක් බව හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ඖෂධ වර්ග 862ක් හඳුනාගෙන ඇති බවත්
ඉතා වැදගත් ඖෂධ 14ක්, අත්‍යවශ්‍ය ඖෂධ 474ක්, අත්‍යවශ්‍ය නොවන ඖෂධ 180 ක් ලෙස මෙය වර්ගකොට ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

කෙසේ නමුත් මෙම කැබිනට් පත්‍රිකාවේ දී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඉන්දියානු සමාගමක් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව සඳහන් කොට ඇති අතර මෙම සමාගම ඉන්දියාවේ පවුල් සැලසුම් උපකරණ නිෂ්පාදන සමාගමක් බවට අන්තර්ජාලය ඔස්සේ කරුණු නිරීක්ෂණයේ දී තහවුරු වන බවත් එවන් සමාගමකට පෙර සඳහන් කර ආකාරයට මෙරටට විවිධත්වයකින් යුතු ඖෂධ වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් සැපයීමට පවතින හැකියාව ප්‍රශ්නසහගත බැවින් වහාම මෙම සමාගම සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27