රටම හඬවමින් පුහුණුවීම් කටයුතුවල යෙදී සිටි ලාංකීය ක්‍රීඩකයෙක් මියයයි

ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ ඉදිරිපෙළ ක්‍රීඩකයකු වන ගයාන් ශානක පුහුණුවීම් අතරතුර හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා යුධ හමුදා ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස වසර හතරකට අධික කාලයක් ක්‍රීඩා කළ ගයාන් මෙරට ප්‍රමුඛ පෙළේ ලීග් රග්බි තරගාවලි සියල්ලට එක්වූ ක්‍රීඩකයෙක්.

ඊයේ උදෑසන පුහුණුවීම් කටයුතු කරමින් සිටියදී ඔහුගේ පපුවේ හටගත් වේදනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.

ඉන් අනතුරුව ඇද වැටුණු ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවයි ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමට සම්බන්ධ නිලධාරීයෙකු තහවුරු කළේ.

කෙසේ වෙතත් මෙම මරණය කොවිඩ් 19 රෝගය හා සම්බන්ධ නොමැති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ වේළුවන විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට පිවිසි 33 හැවිරිදි ගයාන් ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද හමුදා රග්බි කණ්ඩායමට එක්ව සිටියා.

45596963 2297029543864189 4846430685805674496 n 696x693 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?