රටම හඬවමින් පුහුණුවීම් කටයුතුවල යෙදී සිටි ලාංකීය ක්‍රීඩකයෙක් මියයයි

ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ ඉදිරිපෙළ ක්‍රීඩකයකු වන ගයාන් ශානක පුහුණුවීම් අතරතුර හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා යුධ හමුදා ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස වසර හතරකට අධික කාලයක් ක්‍රීඩා කළ ගයාන් මෙරට ප්‍රමුඛ පෙළේ ලීග් රග්බි තරගාවලි සියල්ලට එක්වූ ක්‍රීඩකයෙක්.

ඊයේ උදෑසන පුහුණුවීම් කටයුතු කරමින් සිටියදී ඔහුගේ පපුවේ හටගත් වේදනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.

ඉන් අනතුරුව ඇද වැටුණු ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවයි ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමට සම්බන්ධ නිලධාරීයෙකු තහවුරු කළේ.

කෙසේ වෙතත් මෙම මරණය කොවිඩ් 19 රෝගය හා සම්බන්ධ නොමැති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ වේළුවන විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට පිවිසි 33 හැවිරිදි ගයාන් ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද හමුදා රග්බි කණ්ඩායමට එක්ව සිටියා.

45596963 2297029543864189 4846430685805674496 n 696x693 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32
Video thumbnail
නාමල්ගේ වේදිකාවේ ඇත්තටම වුණ දේ සංජීව හෙළිකරයි
03:05
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49